නවසීලන්ත ප්‍රබල ක්‍රීඩකයෙකු විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් තරඟයෙන් ඉවතට

Sports News

ඊයේ ඩුබායිහිදී පැවති තරගයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම විසින් කඩුලු 5කින් පාකිස්තානය පරාජයට පත් කරමින් මැතිව් වේඩ් පන්දු 17කදී නොදැවී ලකුණු 41ක් රැස්කරමින් ඔහුගේ විස්සයි20 දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කළේය. මෙම ජයග්‍රහණයත් සමඟ ඔස්ට්‍රේලියාව 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගයට පිවිසි අතර අවසන් මහා තරඟය මේ ඉරිදා නවසීලන්තය සමග තරග වැදීමට නියමිතය.

එමෙන්ම නවසීලන්ත කඩුලු රකින ක්‍රිඩක ඩෙවන් කොන්වේ ට මෙවර ජාත්‍යන්තර විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරඟය අහිමි වනවා. එයට හේතුව එංගලන්තය සමඟ පැවති අවසන් පූර්ව තරඟයේදි සිදුවූ ආබාධ තත්ත්වයක් හේතුවෙන්.

ඔහුගේ දකුණු අතේ හස්ති බිදීමක් සිදුව ඇති බව සිදු කළ x – ray පරික්ෂණයෙන් තහවුරු වී ඇති බවයි නවසීලන්ත පුහුණුකරු ගැරී සීඩ් මාධ්‍ය වෙත පැවසුවේ. එම නිසා කොන්වේ ට සති 5 ක් 6 ත් අතර ක්‍රිඩා කිරිමට නොහැකි වන බවටයි වාර්ථා වෙන්නේ මොහු අවසන් මහා තරඟයට නොමැතිවීම නවසීලන්ත කණ්ඩායමට විශාල පාඩුවකි.

නවසීලන්ත කණ්ඩායමේ මීට පෙර ලොකී ෆර්ගියුසන් ආබාධයකට ලක් වූ අතර, ඉන් පසුව ඇඩම් මිල්න් ප්‍රධාන සංචිතයට ඇතුළත් විය. කේන් විලියම්සන් පවසා ඇත්තේ කොන්වේ වෙනුවට Tim Seifert හෝ Glenn Phillips ගෙන් එක් අයෙකු අවසන් මහා තරඟයට කඩුලු රකින ක්‍රිඩකයෙකු ලෙස එක්කර ගැනිමට අපේක්ෂා කරන බවයි. මෙවර නවසීලන්තය ක්‍රීඩකයින් 14 දෙනෙකු සමඟ T20 ලෝක කුසලාන අවසන් තරඟයට පිවිසෙනු ඇත.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *