ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න පුලුවන් – තාක්ෂණික කමිටු සභාපති අරවින්ද ද සිල්වා

Sports News

දේශබන්දු අරවින්ද ද සිල්වා යනු හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ නායකයෙක් වන අතර ඔහු ක්‍රිකට් ක්‍රිඩාවේ බිහිවූ වඩාත්ම හැඩකාර දකුණත් පිතිකරුවෙකු ලෙස පුළුල් ලෙස පිළිගැනේ. වර්තමාන ශ්‍රි ලන්කා ක්‍රිකට් තාක්ෂණික කමිටු සභාපති ලෙස කටයුතු කරන අරවින්ද ද සිල්වා මහතා හිරු සලකුණ වැඩසටහනට එක්වෙමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය, තරුණ ක්‍රිඩකයින්ගේ දක්ෂතා පිළිබඳව ඔහු දරණ මතය මෙළෙස ඉදිරිපත් කරන ලදි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩාවට ලොකු අනාගතයක් තියෙනවා අපේ කණ්ඩායමේ තරුණ ක්‍රිඩකයින් දිහා බැලුවම ඔවුන් ඉතා දක්ෂයි හැකියාව තියෙනවා ලෝකේ ඉන්න අනෙකුත් කණ්ඩායම් වලට ඔවුන්ට අභියෝග කරන්න පුලුවන්.

ක්‍රිකට් ක්‍රිඩාවේ ක්‍රිඩයින් සතුව පැවතිය යුතු ගුණාංගයක් තමයි ආත්ම විශ්වාසය කියන එක තමා තුල ආත්ම විශ්වාසය තියෙනවානම් නොබියව අභියෝග වලට මුහුණ දෙන්න පුලුවන්.

මම දකින දෙයක් තමයි අපේ ස්කෝල වල ගම් වල ඉන්නවා ගොඩක් හැකියාවන් තියෙන දරුවන් ඔහුන්ගේ කිසිම අඩුපාඩුවක් නැහැ ඒ ළමයින්ට ලබා දෙන්න ඕනී අවශ්‍ය පහසුකම්. අනිත් රටවල අමාරු දෙයක් තමයි ළමයින්ට ක්‍රිකට් ක්‍රිඩාවට යොමු කරන්න ඒයට හේතුව ගොඩක් රටවල විවිධ ක්‍රිඩා තියෙනවා එංගලන්ත වගේ රටවල දරුවන් ගොඩක් කැමති ෆුට්බෝල් වලට,බටහිර ඉන්දීය කොදෙව් වල බාස්කට් බෝල් වැනි ක්‍රිඩා තියෙනවා නමුත් ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවල් වල ළමයින්ට ඉතාමත් ලේසියි ක්‍රිකට් ක්‍රිඩාව පුරුදු කරන්න අපි හරි වාසනාවන්‍තයි ඒක නිසා යනුවෙන් අරවින්ද මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *