ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු තෝරා නොගත් ක්‍රීඩකයින් 10 දෙනෙකුට LPL වරම්

Sports News

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලියේදී දැඩි කතාබහට ලක්වූ සිදුවීමක් බවට පත්වූයේ ශ්‍රි ලංකා කණ්ඩායමේ හිටපු නායකයන් වූ ඇන්ජිලෝ මැතිවුස්, දිනේෂ් චන්දිමාල් හා කුසල් ජනිත් යන ක්‍රීඩකයන් කිසිදු කණ්ඩායමක් විසින් මිළදී නොගැනීමයි.

මීට අමතරව ශ්‍රි ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් වන මිනෝද් භානුක, සදීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, ප්‍රවීන් ජයවික්‍රම, අකිල ධනංජය යන කිසිදු ක්‍රීඩකයෙකු මෙවර කණ්ඩායම් වලට තෝරා නොගැනීමයි මෙය දැඩි ලෙස විවේචනයට ලක්වූ සිදුවීමක් බවට පත්විය හිටපු නායක මහේල ජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රිඩකයන් තෝරා ගැනීම පිලිබඳ තමන් කනගාටුවට පත් වන බවයි.

එමහේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මැදිහත් විමෙන් ලංකා ප්‍රිමියර් ලීග් 2021 ක්‍රීඩක කෙටුම්පත් කිරීමේදී කණ්ඩායමකට ඇතුළත්වීමේ අවස්ථාව මඟ හැරුණු ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් පෙරේරා ඇතුළුව තවත් ක්‍රීඩකයින් දහ දෙනෙකු ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

ඒ අනුව ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම, මිනෝද් භානුක, සධීර සමරවික්‍රම, අශාන් ප්‍රියන්ජන් හා ශිරාන් ප්‍රනාන්දු යන ක්‍රීඩකයින්ට මෙවර ලංකා ප්‍රිමියර් ලීග් වරම් හිමිවන බවයි විශ්වාසනීය ආරන්ච් මාර්ග තහවුරු කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *