ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම උඩපන්දු ලබාගත් ක්‍රිඩයින් 5 ගේ ලැයිස්තුව

Sports News

පන්දු රැකීම ක්‍රිකට් ක්‍රීඩාවේ තීරණාත්මකම සාධකයකි. ප්‍රබල පන්දු යවන්නන්ට පවා ඉදිරි ගමනක් යෑමට එනම් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාවේ ඉදිරියට යෑමට පන්දු රකින්නන්ගේ සහාය අවශ්‍ය වේ. නිසියාකාර පන්දු රැකිමක් මගින් තරඟයක් වෙනස් කළ හැකිය. එයට උදාහරණ වශයෙන් දකුණු අප්‍රිකාවේ හර්ෂල් ගිබ්ස් විසින් අතහැර දැමූ උඩපන්දුව නිසා ඕස්ට්‍රේලියාව 1999 ලෝක කුසලානය දිනා ගැනීමට සමත් විය. එම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාවේ පන්දු රැකීමට සුවිශේෂී ස්ථානයක් හිමිවේ.

ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දු යැවීම සහ පිතිකරණය තරම්ම පන්දු රැකීම තීරණාත්මක බව බොහෝ අවස්ථාවල ඔප්පු වී ඇත. තවද, අල්ලා ගැනීම ඕනෑම පන්දු රකින්නෙකුගේ කාර්යයේ අනිවාර්ය අංගයකි.

මෙම ලිපියෙන්, අපි අනාවරණය කරන්නේ එක්දින ක්‍රිකට් පිටියේ විෂිශ්ඨතම සහ වැඩිම එක්දින උඩ පන්දු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රිඩකයන් 5 දෙනෙක් ගැනයි එම ක්‍රිඩකයින් 5 දෙනා මෙසේ පෙළගැස්විය හැක.

1. මහේල ජයවර්ධන එක්දින ක්‍රිකට් පිටියේ උඩපන්දු 218 ලබා ගනිමින් ඉදිරියෙන්ම සිටී.

2. රිකී පොන්ටින් උඩපන්දු 160 ලබාගනිමින් එම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව ඇත.

3. මොහොමඩ් අසාරුදීන් උඩපන්දු 156 ලබාගනිමින් එම ලැයිස්තුවේ 3 ස්ථානයට පත්ව ඇත.

4. සචින් තෙන්ඩුල්කාර් උඩපන්දු 140 ලබාගනිමින් එම ලැයිස්තුවේ හතරවන ස්ථානයට පත්ව ඇත.

5. රොස් ටේලර් උඩපන්දු 139 ලබාගනිමින් එම ලැයිස්තුවේ 5 ස්ථානයට හිමිකම් කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *