විසි එක්වැනි සියවසේ බිහිවූ වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා

Sports News

එතෙක් මෙතෙක් ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලුලාභියා වන මුත්තයියා මුරලිදරන් විසි එක් වැනි සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ජාත්‍යන්තර ‘විස්ඩන්’ සඟරාව විසින් නම් කරනු ලැබීය. මුරලිදරන් විසි එක්වැනි සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් කරනු ලැබුවේ ලොව ප්‍රමුඛතම ක්‍රිකට් විශ්ලේෂණ සමාගමක් වන CricViz සමඟ සිදු කළ සමීක්ෂණයකට අනුවය.

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් ශ්‍රී ලාංකේය නාමය දීප්තිමත් කළ මේ විශිෂ්ට ක්‍රීඩකයා ක්‍රීඩාවෙන් සමුගෙන වසර 10ක් ගත වූව ද, අදටත් ටෙස්ට් සහ එක්දින පිටියේ වැඩිම කඩුලලාභියා ලෙස වාර්තාපොතට එක්වී සිටී.

මෙම නම් කිරීම සිදු කිරීමට පෙර වසර 2000 සිට 2020 දක්වා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳ විස්ඩන් ක්‍රිකට් මාසික සඟරාව විසින් දත්ත එක්රැස් කර ඇති බව වාර්තා වේ. ටෙස්ට් කඩුලු 800 ක් දවාගෙන ඇති මුරලිදරන් ඉන් 573 ක් ලබාගෙන ඇත්තේ වසර 2000 සහ 2010 අතර ක්‍රීඩා කළ තරග 85 කදී වීම මෙහිදී අවධානයට පාත්‍ර වූ සුවිශේෂී දස්කමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *