මහේල ජයවර්ධන ICC විශිෂ්ටයින් අතරට එක්වෙයි

Sports News

ලොව ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ සේවය ඇගැයීම වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලිය විසින් නම් කරනු ලබන සදාතනික විශිෂ්ඨයින්ගේ (Hall of Fame) ක්‍රීඩා නාම ලේඛනයට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධන මහතාව එක් කරමින් ඉහළම ගෞරව නම්බු නාමය ලබා දීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයෙකු වන මහේල ජයවර්ධන ටෙස්ට් තරඟ 149ක්, එක්දින තරඟ 448ක් සහ විස්සයි20 තරඟ 55ක් නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ 652කට ක්‍රීඩා කර ඇත. මහේල ජයවර්ධනට වඩා ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ ක්‍රිඩා කර ඇත්තේ ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් පමණි.

මහේල ජයවර්ධන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ 9 වැනි ශ්‍රේෂ්ඨතම ලකුණු ලාභියා වන අතර ඔහුගේ නමට ලකුණු 11,814 ඇත. ඔහුගේ ටෙස්ට් පිතිකරන සාමාන්‍ය 49.84ක් වන අතර ඔහුගේ ශතක 34 අතර සුප්‍රසිද්ධ ලකුණු 374  ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සිව්වන ඉහළම ලකුණු සංඛ්‍යාව ඔහු 2006 දී දකුණු අප්‍රිකාවට එරෙහිව ලබාගත්තේය. ඔහුගේ සමීප මිතුරෙකු වන කුමාර් සංගක්කාර සමඟ වාර්තාගත ලකුණු 624 ක සම්බන්ධතාවක් ඇති කළ මෙම තරගය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩාවේ වැඩිම ලකුණු සබදතාවය වේ.

දෙවතාවක් ක්‍රිකට් ලෝක කුසලාන අනුශූරයෙකු වූ ජයවර්ධන 2011 අවසන් මහා තරගයේදී ලකුණු 103ක් ලබාගත්තේය. 2015 වර්ෂයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යෑමෙන් පසු පුහුණුකරු වෘත්තිය තෝරාගෙන සිටින මහේල ජයවර්ධන වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකවරයා ලෙසින් කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *