T20 ලෝක කුසලාන තරගාවලියක වැඩිම ලකුණු ලාභීන් පස් දෙනා

Sports News

ජාත්‍යන්තර විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ වසර ගණනාවක් පුරාවටම ලෝක කුසලාන තරඟාවලින් නියෝජනය කල පිතිකරුවන්ගේ හා පන්දු යවන්නන්ගේ ඉතා ආකර්ෂණීය දස්කම් දක්නට ලැබුණි. කෙසේ වෙතත්, T20 ආකෘතිය ක්‍රීඩාවේ ආධිපත්‍යය දැරූ පිතිකරුවන් ගෙන් සමන්විත වන අතර T20 ලෝක කුසලාන වලදී මෙම සම්ප්‍රදාය අනුගමනය කරමින් පිතිකරුවන් ඔවුන්ගේ දක්ෂතා පෙන්වමින් වේගවත්ව ක්‍රිකට් ක්‍රීඩා කිරීම අඛණ්ඩව සිදු කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස, විවිධ ක්‍රීඩකයින් විසින් ශතක, අර්ධ ශතක රැක්කොට ඇත.

මෙම ලිපිය මගින් අනාවරණය කිරිමට යන්නේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරඟ වල වැඩිම ලකුණු ලාභීන් පිළිබඳවයි, විස්සයි විස්ස ලෝක කුසලාන තරඟයක වැඩිම ලකුණු ලාභීන් අතරට එක්වීම එතරම් පහසු කාර්යක් නොවේ එයට දක්ෂතාවය උපරිමයෙන් තිබිය යුතුයි.

ජාත්‍යන්තර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක වැඩිම ලකුණු ලබාගත් එම ක්‍රිඩයින් 5 දෙනා මෙසේ පෙළගැස්විය හැක.

1. විරාත් කෝලි විසින් 2014 වර්ෂයේ රැස්කරන ලද ලකුණු 319 මෙතෙක් විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ තනි පුද්ගලයෙක් වාර්ථා කල වැඩිම ලකුණු සංඛ්‍යාව වේ.

2. තිලකරත්න ඩිල්ශාන් විසින් 2009 වර්ෂයේ රැස්කරන ලද 317 ක ලකුණු සංඛ්‍යාව.

3. බාබර් අසාම් විසින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී රැස් කරන ලද ලකුණු 303.

4. මහේල ජයවර්ධන විසින් 2010 වර්ෂයේ රැස්කරන ලද ලකුණු 302.

5. තමීම් ඉක්බාල් විසින් 2016 වර්ෂයේ රැස්කරන ලද 295 ක ලකුණු සංඛ්‍යාව.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *