මෙවර ආසියානු කුසලාන T20 තරඟාවලිය ශ්‍රී ලංකාවේදී

Sports News

ලබන වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවසර හිමිව තිබෙනවා. මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවසර හිමිව ඇත්තේ ඩුබායි හී පැවති ආසියානු ක්‍රිකට් කවුන්සිලය සැසිවාරයේදීය. මෙම තරගාවලිය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වීමට එමීර් රාජ්‍ය උත්සාහ කළත් එම උස්සාහය අසාර්ථක වී ඇත.

අවසන් වරට ආසියානු කුසලාන තරගාවලියක් පවත්වනු ලැබුවේ 2018 වසරේ දී යි. එම තරගාවලිය ජයග්‍රහණය කිරිමට ප්‍රබල ඉන්දියානු කණ්ඩායම සමත්විය. ඉන් පසුව කොරෝනා වසංගතයත් සමග ඇති වූ තත්ත්වයන් මත ආසියානු කුසලාන තරගාවලියක් පැවැත්වීමට හැකි වූයේ නැත.

ඒ අනුව 2022 ආසියානු කුසලානය ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 15 වන අදියර වන අතර එම තරඟ ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *