ඕස්ට්‍රේලියාව පළමු වරට ICC T20 ලෝක කුසලානයක් දිනා ගනී

Sports News

ජාත්‍යන්තර විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයේදී නවසීලන්ත කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත් කරමින් ඔස්ට්‍රේලියාව සිය මංගල T20 ලෝක කුසලානය දිනා ගැනීමට සමත් විය. ලකුණු 173 ක ඉලක්කයක් හඹාගිය ඔස්ට්‍රේලියාව පන්දු 7 ක් ඉතිරිව තිබියදී තරගය ජය ගත්තේ මිචෙල් මාෂ් සහ ඩේවිඩ් වෝනර්ගේ පිතිකරනය හේතුවෙනි ඔවුන් දෙපල අර්ධ ශතක රැස්කිරිමට ද සමත්විය.

එමෙන්ම, කේන් විලියම්සන් පන්දු 48 කදී ලකුණු 85 ක් ලබාගත් අතර නවසීලන්තයට ඔවුන්ගේ ඕවර 20 තුළ ලබාගැනීමට හැකිවූයේ ලකුණු 172/4 පමණි.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ජොෂ් හේසල්වුඩ් ලකුණු 16කට කඩුලු 3ක් දවාගත් අතර ඇඩම් සම්පා ලකුණු 26කට එක් කඩුල්ලක් ලබාගැනීමට සමත්විය. ඊයේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයේදී නවසීලන්තයට එරෙහිව මුලින් ඔස්ට්‍රේලියාව කාසියේ වාසිය දිනූ අතර නායක ආරොන් ෆින්ච් පන්දු යැවීමට තීරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *