T20 ලෝක කුසලානයේ වැඩිම කඩුලු ලාභීන් පස්දෙනා ගේ ලැයිස්තුව

Sports News

ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පටන් ගන්නා සෑම පන්දු යවන්නෙකුගේම ප්‍රධාන ඉලක්කය වන්නේ ලෝකයේ අනෙකුත් පන්දුයවන්නන් අභිබවමින් හොඳම පන්දු යවන්නා වීමයි. එය දුෂ්කර කාර්යයකි, නමුත් ලොව පුරා සිටින පන්දු යවන්නන්ට T20 ලෝක කුසලාන තරඟාවලි වලදී තමන් හොඳම පන්දු යවන්නාබව ඔප්පු කිරීමට අවස්ථාවක් උදා වේ. විස්සයි විස්ස ආකෘතිය පිතිකරුවන් විසින් පමණක් ආධිපත්‍යය දරනු ඇතැයි බොහෝ රසිකයින්ට හැඟී ගිය නමුත් පන්දු යවන්නන් ඒවා වැරදි මත බව ඔප්පු කර ඇත.

T20 ලෝක කුසලානයේ වැඩිම කඩුලු ලාභියා ගැන කතා කරන විට, T20 ලෝක කුසලානයේ එක් සංස්කරණයකදී එනම් එක් වතාකදි වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නා වන්නේ 2012 ICC T20 ලෝක කුසලානයේදී කඩුලු 15ක් දවාගත් ශ්‍රී ලංකාවේ අජන්ත මෙන්ඩිස් ය. මෙවර එම වාර්ථාව තමන් සතු කරගැනිමට ශ්‍රී ලංකාවේ පා දඟ පන්දු යවන ක්‍රිඩක වනිදු හසරංග සමත් විය, එපමණක් නොව ඔහු විස්සයි විස්ස පිටියේ අංක එකේ පන්දු යවන්නා ලෙස කිරුලු පලදින්නට ද සමත්විය.

මෙවර එනම් 2021 පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් 5 දෙනාගේ ලැයිස්තුව මෙසේ පෙළගැස්විය හැක.

1. වනිදු හසරංග කඩුලු 16 ලබාගනිමින් මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව ඇත.

2. දෙවන ස්ථානය ඇඩම් සම්පා කඩුලු 13 ලබාගනිමින්

3. තුන්වන ස්ථානය ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 13 ලබාගනිමින්

4. හතරවන ස්ථානය ෂකීබ් අල් හසන් කඩුලු 11 ලබා ගනිමින්

5. පස්වන ස්ථානය ජොෂ් හේසල්වුඩ් කඩුලු 11 ලබා ගනිමින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *