T20 ලෝක කුසලානයේ වැඩිම ලකුණු ලාභීන් පස්දෙනා ගේ ලැයිස්තුව

Sports News

මෙවර 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ වැඩිම ලකුණු රැස් කිරීමේ ගෞරවය හිමිකර ගැනීමට පකිස්ථාන සුපිරි ක්‍රිකට් තරුව වන Babar Azam සමත් විය. ජාත්‍යන්තර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය මුලින් ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබූ නමුත් මෙම තරඟාවලිය කොරෝනා වසංගතය හේතුවෙන් මැදපෙරදිගට ගෙන යන ලදී.

ICC හි තරඟාවලියේ කණ්ඩායමේ නායකයා ලෙස නම් කරන ලද, බාබර් අසාම් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ලකුණු 300 ට වඩා ලබාගත් එකම ක්‍රීඩකයා වීමට සමත්විය.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් 5 දෙනාගේ ලැයිස්තුව මෙසේ පෙළගැස්විය හැක.

1. බාබර් අසාම් ලකුණු 303 රැස්කරමින් එම ලැයිස්තුවේ පෙරමුණ ගැනිමට සමත්විය.

2. ඩේවිඩ් වෝනර් ලකුණු 289 ලබාගනිමින් එම ලැයිස්තුවේ දෙවැනි තැනට පත්ව ඇත.

3. මොහොමඩ් රිස්වාන් ලකුණු 281 රැස් කරමින් එම ලැයිස්තුවේ තුන්වන ස්ථානය.

4. ජෝස් බට්ලර් ලකුණු 269 රැස්කරමින් හතරවන ස්ථානය.

5. චරිත් අසලංක ලකුණු 231 රැස්කරමින් පස්වන ස්ථානය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *