ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තාවන් සිම්බාබ්වේ බලා පිටත් වේ

Sports News

නවසීලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගිවීම සඳහා චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ අළුයම සිම්බාබ්වේ බලා පිටත්ව ගියා.

රටවල් 9 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ගෙවී ගිය මාස 5 කට ආසන්න කාලයක් තුළ පුහුණු සැසි ගණනාවකට සහභාගිවෙමින් තරගාවලිය සඳහා සාර්ථක සූදානමක් ලබාගත්හ.

මෙවර කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබිමේ ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකාව, පාකිස්තානය, බන්ගලාදේශය, බටහිර ඉන්දීය කොදෙව්, අයර්ලන්තය, තායිලන්තය, පැපුවා නිව් ගිනියාව, නෙදර්ලන්තය, ඇමරිකාව සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් 10 ක්‍රිඩා කරනු ලබයි. එම කණ්ඩායම් 10 අතුරින් කණ්ඩායම් 3 ක් 2022 වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන කාන්තා එක්දින තරගාවලිය සදහා සුදුසුකම් ලබාගනු ඇත.

ශ්‍රී ලංකා කාන්තා පිල – චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා මාධවී (උප නායිකා), නිලක්ෂි ද සි්වා, හසිනි පෙරේරා, සුගන්දිකා කුමාරි, ඕෂදී රණසිංහ, අමා කාංචනා, උදේශිකා ප්‍රබෝධනී, අචිනි කුලසූරිය, අනුෂ්කා සංජීවනී, කවීෂා දිල්හාරි, තාරිකා සෙව්වන්දි, ප්‍රසාදිනී වීරක්කොඩි, ඉමේෂා දුලානි, විශ්මි රාජපක්ෂ, සචිනි නිසංසලා.

අතිරේක ක්‍රීඩිකාවන් – උමේෂා තිමාෂිනී, කාව්‍යා කාවින්දි, මදුශිකා මෙත්තානන්ද, සත්‍යා සංදීපනී, ලිහිණි අප්සරා.

පුහුණු කාර්යය මණ්ඩලය – හෂාන්ත තිලකරත්න (ප්‍රධාන පුහුණුකරු, හේමන්ත දේවප්‍රිය (කළමනාකරු, ටස්නීම් යුසුෆ් (භෞත චිකිත්සක), රවීන්ද්‍ර පුෂ්පකුමාර (වේග පන්දු පුහුණුකරු), ලංකා ද සිල්වා (පිතිකරණ පුහුණුකරු), චාමිකා පෙරේරා (සම්භාහක), දිනුක් හෙට්ටිආරච්චි (දඟ පන්දු පුහුණුකරු), කවිරංග විජේසිංහ (පරිගණක විශ්ලේෂක), දර්ශන් වීරසිංහ (අභ්‍යාසක), මතීෂ ද සිල්වා (වෛද්‍යවරයා), ඉන්ද්‍රානී ආරියරත්න (ක්‍රීඩිකාවන් භාර නිලධාරිණී)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *