T20 ලෝක කුසලානයේ වටිනාම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස වනිඳු හසරංග ESPNcricinfo වෙබ් අඩවිය නම් කරයි

Sports News

ESPNcricinfo හි ස්මාර්ට් සංඛ්‍යාලේඛනවලට අනුව 2021 T20 ලෝක කුසලානයේ වටිනාම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග නම් කොට ඇත. (සුපිරි 12 වටයේ ආරම්භයේ සිට සියලුම තරඟ සලකා බලා ඇත).

මෙය මැන බැලීම සඳහා,ESPNCRICINFO ආයතනය සෑම පිතිකරණ සහ පන්දු යැවීමේ කාර්ය සාධනයක්ම සොයාගෙන ස්මාර්ට් සංඛ්‍යාලේඛන මත ඔවුන් පන්දුවට පහර දෙන ආකාරය හෝ පන්දු යවන ආකාරය එක් එක් පන්දු යැවීමේදී පිතිකරු සහ පන්දු යවන්නාට ඇති පීඩනය යන සාධක පදනම් කොටගෙන වනිදු හසරංග ලෝක කුසලානයේ වටිනාම ක්‍රිකට් ක්‍රිඩකයා ලෙස නම්කොට ඇත.

වනිඳු හසරංග එංගලන්තයට සහ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගවල කැපී පෙනෙන දක්ෂතා දැක්වුවේය. ඔහු දවාගත් කඩුලු දහයම මුල් පෙළ පිතිකරුවන්ය.

මෙවර T20 ලෝක කුසලානයේ දී වනිදු හසරංග වැඩිම කඩුලු ලාභියාගේ වාර්ථාව බිදදැමීමට සමත්විය. එක් වතාකදි වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නා ලෙස 2012 ICC T20 ලෝක කුසලානයේදී කඩුලු 15ක් දවාගත් ශ්‍රී ලංකාවේ අජන්ත මෙන්ඩිස් ය. මෙවර එම වාර්ථාව තමන් සතු කරගැනිමට ශ්‍රී ලංකාවේ පා දඟ පන්දු යවන ක්‍රිඩක වනිදු හසරංග සමත් විය, එපමණක් නොව ඔහු විස්සයි විස්ස පිටියේ අංක එකේ පන්දු යවන්නා ලෙස කිරුලු පලදින්නට ද සමත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *