2022 T20 ලෝක කුසලානයේ තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගන නම් කෙරේ

Sports News

2022 ජාත්‍යන්තර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තරග පැවැත්වෙන නගර සහ ක්‍රිකට් ක්‍රිඩාන්ගන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය. මෙම තරගාවලිය ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙයි. එමහේතුවෙන් ඕස්ට්‍රේලියාවේදි පැවැත්වෙන T20 ලෝක කුසලානයේ අවසන් මහා තරඟය මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම තරඟය ලබන වසරේ නොවැම්බර් 13 වැනිදා පැවැත්වීමට නියමිතයි බවයි වාර්ථා වෙන්නේ.

2022 T20 ලෝක කුසලානයේ අවසන් පූර්ව තරග සිඩ්නි සහ ඇඩිලේඩ්වල පැවැත්වීමට නියමිතයි. 2022 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට තරග 45ක් අයත්වන අතර එම තරග පර්ත්, බ්‍රිස්බේන්, ගීලොන්ග් සහ හෝබාර්ට් යන නගරවල පැවැත් වීමට නියමිතයි.

2022 ජාත්‍යන්තර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සෙසු තරඟවල කාල සටහන ලබන වසරේ ජනවාරි මාසය වන විට නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සදහන් කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *