මංගල තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් ලබාගත් පන්දු යවන්නන් පස් දෙනෙක්

Sports News

Hat-tricks ක්‍රිකට් ක්‍රිඩාවේ අතිශයින් දුර්ලභ ය. පිට පිට පන්දු තුනකදී පිතිකරුවන් තිදෙනකු දවා ගැනිම එතරම් පහසු කාර්යක් නොවේ. ඒ අනුව වසර 48ක් සහ එක්දින තරග 4000කට වැඩි කාලයකදී එවැනි සිදුවීම් 48ක් පමණක් සිදුවී ඇත.

ඊටත් වඩා දුර්ලභ දස්කමක් වන්නේ ක්‍රිකට් ක්‍රිඩකයෙකු සිය පළමු තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමයි. මේ වන විට එක්දින මංගල තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබාගෙන ඇත්තේ පන්දු යවන්නන් පස් දෙනෙකු පමණි. පුදුමයට කරුණක් නම්, මෙම අවස්ථා පහම පසුගිය වසර පහ තුළ සිදුවීමයි.

කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීම ක්‍රිකට් ක්‍රීඩාවේ සුවිශේෂී ජයග්‍රහණවලින් එකක් වන අතර, සිය ජාත්‍යන්තර මංගල තරඟයේදී ම කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ක්‍රිකට් ක්‍රීඩකයින් 5 දෙනෙකුගේ සුවිශේෂී ලැයිස්තුව මෙසේ පෙළගැස්විය හැක.

1. Taijul Islam – Bangladesh (2014)

2. Kagiso Rabada – South Africa (2015)

3. Wanindu Hasaranga – Sri Lanka (2017)

4. Shehan Madushanka – Sri Lanka (2018)

5. Nathan Ellis – Australia (2021)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *