ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවල වැඩිම වතාවක් තරඟයේ වීරයා සම්මානය දිනාගත් ක්‍රිඩකයින් ලැයිස්තුව

Sports News

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාව ටෙස්ට්,එක්දින සහ විස්සයි විස්ස යන තරඟ වලින් සමන්විත වේ. T20 සහ ODI තරඟ සීමා සහිත වන අතර ටෙස්ට් තරඟය යනු දීර්ඝතම ක්‍රිකට් ක්‍රමයයි. ක්‍රිකට් ක්‍රීඩකයෙකුට තරගයේ වීරයා සම්මානය හිමිවන්නේ ඔහු හෝ ඇය පිටියේ දැක්වූ විශිෂ්ට දස්කම් සහ තරගයට දායක වීම හේතුවෙනි. එපමණක් නොව, තරගයේ වඩාත්ම බලගතු ක්‍රිකට් ක්‍රීඩකයාට තරගයේ වීරයා සම්මානය හිමිවේ.

කණ්ඩායම් දෙකෙන් ඕනෑම කෙනෙකුට එය දිනා ගත හැකි නමුත් බොහෝ අවස්ථාවන්හිදී ජයග්‍රාහී කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයාට සම්මානය ලැබේ. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාවේ වැඩිම වාර ගණනක් තරඟාවලියේ වීරයා සම්මානය දිනා ගත් ක්‍රිඩයින් 5 දෙනෙක් ගැන මෙම ලිපිය මගින් අනාවරණය කිරිමට අපගේ බලාපොරොත්තුවයි.

1. සචින් ටෙන්ඩුල්කාර්

සචින් තෙන්ඩුල්කාර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම වාර ගණනක් තරගයේ වීරයා සම්මානය දිනාගත් එකම ක්‍රිකට් ක්‍රීඩකයා වේ. ඔහු මෙම ලැයිස්තුවේ අංක එකේ ක්‍රිකට් ක්‍රීඩකයා වීමට හේතුව පුදුමයක් නොවේ ඔහු ක්‍රිකට් ක්‍රිඩාවේ සැබෑ දක්ෂයෙකි. ඔහු 1989 දී සිය ජාත්‍යන්තර තරගයට පිවිසි අතර 2013 දී විශ්‍රාම ගියේය. මෙම කාලය තුළ ඔහු තරඟ 664 ක් ක්‍රීඩා කර 76 වතාවක් තරඟයේ වීරයා බවට පත්විය.

2. සනත් ජයසූරිය

 

මෙම ලැයිස්තුවේ සිටින දෙවැනි ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයායි. ජයසූරිය යනු එකල ක්‍රිකට් ක්‍රිඩාවේ සිටි විශිෂ්ටතම ප්‍රහාරක ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහුගේ කැපී පෙනෙන දස්කම් සහ තරඟ ජයග්‍රාහී දස්කම් නිසා ඔහු සියලු දෙනා අතර අතිශයින් ජනප්‍රිය විය. එමෙන්ම ක්‍රිකට් ඉතිහාසයේ එක් ආකෘතියක් තුළ ලකුණු 10000ක් සහ කඩුලු 300ක් දවාගත් එකම ක්‍රිකට් ක්‍රීඩකයාද ඔහුයි. 1989 දී ඔහු සිය මංගල තරගයට සහභාගි වූ අතර 2011 දී ඔහු විශ්‍රාම යන තෙක් තරඟ 586 කට ක්‍රීඩා කළේය. ජයසූරියට තරගයේ වීරයා සම්මානය 58 වතාවක් හිමි විය.

3. විරාත් කෝලි

විරාත් කෝලි එම ලැයිස්තුවේ තුන්වන ස්ථානය හිමිකර ගෙන ඇති අතර ඉන්දීය නායකයා 2008 වසරේ සිය මංගල ජාත්‍යන්තර තරගයට එක්වූ අතර එතැන් සිට ඔහු තරග 436කට ක්‍රීඩා කර 57 වතාවක් තරගයේ වීරයා සම්මානය දිනාගෙන ඇත.

4. ජැක් කලිස්

අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ජැක් කලිස් අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ විෂිශ්ඨතම ක්‍රිකට් ක්‍රිඩකයෙක් වන අතර ඔහු තරගයේ වීරයා සම්මානයද බොහෝ වාරයක් දිනාගෙන ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. 1995 දී ඔහුගේ මංගල ගමනේ සිට 2014 දක්වා ඔහු තරඟ 519 ක් ක්‍රීඩා කර තරඟ 57 කම තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

5. කුමාර සන්ගක්කාර

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර නිසැකවම මෙතෙක් ක්‍රිකට් ක්‍රිඩාවේ බිහිවූ විශිෂ්ටතම පිතිකරුවෙකි.එක්දින තරගවලදී ඔහු තම රට වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළේය. එසේම ඔහු අංක එකේ තුන්වන වැඩිම ලකුණු ලාභියා වේ. ඔහු 2000 වසරේ ඔහුගේ මංගල ගමනෙන් පසුව, ඔහු විශ්‍රාම යන තෙක් තරඟ 594 කට ක්‍රීඩා කර ඇති අතර 50 වතාවක් තරඟයේ වීරයා සම්මානය ලබා ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *