චරිත අසලන්ක වගේ ක්‍රිඩකයෙක් නායකත්වයට සූදානම් කල යුතුයි – අරවින්ද ද සිල්වා

Sports News

දේශබන්දු අරවින්ද ද සිල්වා යනු හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ නායකයෙක් වන අතර ඔහු ක්‍රිකට් ක්‍රිඩාවේ බිහිවූ වඩාත්ම හැඩකාර දකුණත් පිතිකරුවෙකු ලෙස පුළුල් ලෙස පිළිගැනේ. වර්තමාන ශ්‍රි ලන්කා ක්‍රිකට් තාක්ෂණික කමිටු සභාපති ලෙස කටයුතු කරන අරවින්ද ද සිල්වා මහතා හිරු සලකුණ වැඩසටහනට එක්වෙමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය, පසුගිය කාලයේ කණ්ඩායම කඩාවැටිමට හේතුව, නායකත්වයට සුදානම් විය යුතු ආකාරය සහ ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිදුවිය යුතු වෙනස්කම් ගැන මෙළෙස අදහස් පළකළේය.

මෙවර ලෝක කුසලාන තරගාවලිය සදහා නවකයන් ඇතුළත් කිරීමට හේතුව කුමක්දැයි යනුවෙන් හිරු මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අරවින්ද මහතා ප්‍රකාශ කළේ කණ්ඩායම සිටින ජේෂ්ඨ ක්‍රිඩකයින් දන්නවා ඔවුන් කොපමණ කාලයක් කණ්ඩායමේ සෙල්ලම් කරනවාද යන්න. ගොඩක් සාර්ථක රටවල් සැලසුම් කරනවා ජේෂ්ඨ ක්‍රිඩකයින් සමගින් තරුණ ක්‍රිඩකයින් කණ්ඩායමට ඇතුලත් කොට ඔවුන්ගේ අද්දැකීම් තරුණ ක්‍රිඩකයින්ට ලබාදීමට එමගින් සාර්ථක තරුණ ක්‍රිකට් පරපුරක් ඉදිරියට නිර්මාණය කිරිමට.

අපි ක්‍රිඩා කරන කාලෙත් රෝයි ඩයස්, දූලිප් මෙන්ඩිස් වැනි ක්‍රිඩයින් ගේ ක්‍රිකට් දැනුම ඔවුන්ගේ අද්දැකීම් අපි ලබාගත්තා. තරගයක් ක්‍රිඩා කරනකොට ඔවුන් කණ්ඩායමේ වගකීම ගත්තා එම නිසා අපිට ගිහින් නිදහසේ සෙල්ලම් කිරිමට පුලුවන් එතකොට තමා අපිට අද්දැකීම් ලැබුනේ. එතකොට අපේ කාලේ මම,අර්ජුන වැනි ක්‍රිඩයින් කණ්ඩායමේ වගකීම ගන්නකොට ජයසූරිය, මාවන්ලා නිදහසේ ගේම් එක සෙල්ලම් කරා. ඒ ගොල්ලො කණ්ඩායමේ සාර්ථක වෙනකොට සන්ගක්කාර මහේල ලා ඔවුන්ගේන් ඉගෙන ගෙන කණ්ඩායමේ නිදහසේ සෙල්ලම් කරා ඔවුන්ට නිදහසේ සෙල්ලම් කිරිමට අවස්ථාව උදා උනේ ජේෂ්ඨ ක්‍රිඩකයින් කණ්ඩායමේ වගකීම භාරගත් නිසා.

සන්ගක්කාර, මහේල සහ ඩිල්ශාන් සමුගැනිම නේද ක්‍රිකට් කඩාවැටිමට ප්‍රදාන හේතුව යනුවෙන් හිරු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට අරවින්ද මහතා මෙලෙස අදහස් පළකළේය.

සන්ගක්කාර, මහේල සහ ඩිල්ශාන්ලා ක්‍රිඩා කරපු කලේ අපේ ක්‍රිකට් එක හොදින් තිබූනා, ඔහුන් ක්‍රිඩාවෙන් සමුගත්තත් අපිට ජේෂ්ඨ ක්‍රිඩකයෝ හිටියා ලසිත් මාලිංග, ලහිරු තිරිමාන්න, ඇන්ජිලෝ මැතිව්ස් වැනි ක්‍රිඩකයින් තරඟ පරාජයන්ගෙන් තමා කණ්ඩායමකට අද්දැකීම් ලැබෙන්නේ යනුවෙන් අරවින්ද මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම දැන් අපේ කණ්ඩායමේ පැහැදිලි සැලැස්මක් තියෙන්න ඕනි ඉදිරි අනාගතය පිළිබඳව මෙතැන් සිට ඉස්සරහට ක්‍රිකට් ක්‍රිඩාව වැඩිදියුණු කරන්න ඕනී. චරිත් අසලංක වැනි ක්‍රිඩකයන් ඔහුන්ගේ වයස, දක්ෂතා අනුව නායකත්වය සඳහා සුදානම් කළ යුතුයි. ඔවුන් තමා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩාවේ ඉදිරි අනාගතය යනුවෙන් අරවින්ද ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *