2026 ICC T20 ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට

Sports News

2024 සහ 2031 අතර සෑම ප්‍රධාන ICC පිරිමි විස්සයි විස්ස ලෝක කුසලාන ඉසව්වකටම සත්කාරක රටවල් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් තහවුරු කර ඇත. 2024 ජූනි මාසයේදී, ICC පිරිමි T20 ලෝක කුසලානය මින් පෙර නොතිබූ තැනක පැවැත්වීමට නියමිතව ඇත ඒ ඇමරිකා එක්සත් ජනපදයයි එමනිසා 2024 විස්සයි විස්ස ලෝක කුසලානය බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ ඇමෙරිකාව සත්කාරකත්වය දරයි.

එමෙන්ම 2025 පෙබරවාරි මාසයේදී, පකිස්ථානය පිරිමි ශූරයින්ගේ කුසලානය සදහා සත්කාරකත්වය දරනු ඇත. එය 1996 දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමඟ පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වීමෙන් පසු පාකිස්තානයේ ක්‍රීඩා කරන පළමු ප්‍රධාන ගෝලීය ක්‍රිකට් තරඟාවලිය වේ. 2026 දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පිරිමි T20 ලෝක කුසලානය සත්කාරකත්වය දරන අතර 2027 දී තවත් පළමු වරට ප්‍රධාන ඉසව්වකට සත්කාරකත්වය සපයනු ඇත.

2027 ඔක්තෝබර්/නොවැම්බර් මාසයේදී නැමීබියාව සිම්බාබ්වේ සහ දකුණු අප්‍රිකාව සමඟින් පළමු වරට පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය සත්කාරකත්වය දරනු ඇත. දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ අවසන් වරට ලෝක කුසලානයක් පවත්වන ලද්දේ 2003 වසරේදීය. 2028 ඔක්තෝම්බර් මාසයේදී T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ පැවැත්වෙන අතර මාස 12 කට පසුව ඉන්දියාව චැම්පියන්ස් කුසලානයට සත්කාරකත්වය දරයි. 2030 දී එංගලන්තය අයර්ලන්තය සහ ස්කොට්ලන්තයට T20 ලෝක කුසලාන සත්කාරකත්වය හිමිවන අතර. 1999 වසරෙන් පසු අයර්ලන්තය සහ ස්කොට්ලන්තය ප්‍රධාන ගෝලීය ක්‍රිකට් ඉසව්වකට සත්කාරකත්වය දක්වන පළමු අවස්ථාව මෙය වේ. 2031 ඔක්තෝම්බර්/නොවැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිත අවසන් ඉසව්ව ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ පැවැත්වෙන පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *