බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් කළම්බු ස්ටාර්ස් විදෙස් ක්‍රිඩකයින්

Sports News

මෙවර ලංකා ප්‍රිමිය ලීග් තරගාවලිය එළඹෙන දෙසැම්බර් මස 4 වැනිදා සිට 23 දක්වා පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සලය නිල වශයෙන් නිවේදනය කර ඇත්තේ. මෙවර ලංකා ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරිමට ලෝක මට්ටමේ සුපිරි ක්‍රීඩකයන්ගේ යම් අඩුවක් ක්‍රීඩක කෙටුම්පත් කිරීම අවසානයේදී මෙවර දැකගන්නට ලැබීම ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු යම් තරමකට බිද වැටීමට හේතු වී තිබෙනවා.

එමෙන්ම විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ඨතම පිතිකරුවා ලෙස සැලකෙන කොදෙව් පිතිකරු ක්‍රිස් ගේල් කලම්බු ස්ටාර්ස් කණ්ඩායම විසින් තෝරා ගෙන තිබීම හේතුවෙන් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය එම කණ්ඩායම වෙත යොමුව ඇති බවක් දක්නට ලැබෙනවා.

බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් කළම්බු ස්ටාර්ස් කණ්ඩායම සහභාගි වන විදෙස් ක්‍රිඩකයන් පහත පරිදි පෙළගැස්විය හැක.

1. ක්‍රිස් ගේල්

2. අහමඩ් ශෙශාඩ්

3. මොහොමඩ් ඉර්ෆාන්

4. අල් අමීන් හොසේන්

5. ටස්කින් අහමඩ්

6. මන්ප්‍රිට් සිං

බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් කළම්බු ස්ටාර්ස් සම්පූර්ණ සංචිතය – ක්‍රිස් ගේල් ,  දුෂ්මන්ත චමීර,  අහමඩ් ශෙශාඩ්,  ඩිල්ශාන් මුණවීර, මොහොමඩ් ඉර්ෆාන්, අල් අමීන් හොසේන්, ටස්කින් අහමඩ්, පැතුම් නිස්සංක, ලක්ෂාන් සඳකැන්,  සීකුගේ ප්‍රසන්න,  මන්ප්‍රිට් සිං,  ගිහාන් රූපසිංහ, ළහිරු ගමගේ, ටී. එම්. සම්පත්, නුවනිඳු ප්‍රනාන්දු,  ජෙහාන් ඩැනියෙල්.

අතිරේක ක්‍රීඩකයින් – මළිදු මදුරංග, නලීන් ප්‍රියදර්ශන,  හෂාන් දුමිදු,  කබිල් රාජ්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *