ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා ශ්‍රී ලංකාවට සමුදීමට සැරසෙයි

Sports News

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා එම ධූරයෙන් සමුගැනිමට තීරණය කර ඇත එයට හේතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ඇති ගිවිසුම් කාලය නිමා වීම හේතුවෙනි. එළඹෙන කොදෙව් ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු නොකරන බව මිකී ආතර් මහතා නිලවශයෙන් ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටි.

මිකි ආතර් මහතා ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමා පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වගකීම භාරගත් අවස්ථාවට වඩා මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉහළ මට්ටමක සිටින බවයි එමෙන්ම ඔහු මෙරට ක්‍රිඩකයින්ට සහ ප්‍රේක්ෂකයින්ට ස්තූතිය පල කිරිමට සිය ටිව්ටර් පණිවිඩය මගින් කටයුතු කර ඇත.

එළඹෙන කොදෙව් ටෙස්ට් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමට සමුදෙන ඔහු එංගලන්තයේ ප්‍රාන්ත කණ්ඩායමක් වන Derbyshire හී ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භාර ගැනීමට නියමිත බව එම කණ්ඩායමෙන් නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණා. පුරා වසර දෙකක කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කළ සේවයට අපි ඔහුට ස්තූතිය පුද කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *