වනිඳු හසරංග තරඟයක් අත හරින්න කැමති නැති ශක්තිවන්ත ක්‍රිඩකයෙක් – මහේල ජයවර්ධන

Sports News

මහේල ජයවර්ධන මහතා දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස කටයුතු කරන අතර හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙකි. සනත් ජයසූරිය ගෙන් පසු ශ්‍රී ලංකා පිළේ සාර්ථකම නායකයා ලෙස හැදින්වෙන මහේල ජයවර්ධන මහතා පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පළමු වටය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයකු වශයෙන් තෝරාගනු ලැබීය.

ඔහුගේ සහ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පැවති විස්සයි විස්ස ලෝක කුසලානයේ යම්තාක් දුරක සාර්ථක විය, එමෙන්ම මහේල ජයවර්ධන මහතා එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස කටයුතු කරයි හිටපු ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව නිලවශයෙන් ප්‍රකාශ කර ඇත.

පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී වනිඳු හසරංග දැක්වූ දස්කම් ගැන පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතා මෙළෙස අදහස් පළකළේය.

වනිඳු හසරංග තරඟයක් අත හරින්න කැමති නැති ශක්තිවන්ත ක්‍රිඩකයෙක්. ඔහුටම ආවේණික වූ පන්දු යැවීමේ ඉරියව්වක් වනිඳු සතුයි. වනිදු හසරංග ඉතාමත් හොඳ පාලනයකින් යුතුව පන්දු යැවීමේ නිරත වෙනවා. ඒ වගේම ඔහුට හොඳ විශ්වාසයක් තියෙනවා තමන් පිළිබඳව අනෙක තමයි ඔහුට හොඳ ඔලුවක් තියෙනවා පිතිකරුවන් මොකද කරන්න යන්නේ කියන දේ පිළිබඳව.

පවතින තත්වයට අනුව අවස්ථාවට සරිලන විදිහට කටයුතු කරන්න වනිඳුට හැකියාවක් තියෙනවා, අපි ඒක හොඳින්ම දැක්කා ඔහුගෙන් මේ ලෝක කුසලාන තරගාවලියේ දී. දඟ පන්දු යවන්නන්ට එය ලේසි කටයුත්තක් නෙමෙයි විශේෂයෙන්ම සාජා වැනි ක්‍රිඩාන්ගනයකදී වනිඳුගේ අනික් විශේෂත්වය තමයි ඔහුගේ පිතිකරන හැකියාව. ඔහුට කුමන අවස්ථාවද ලැබෙන්නේ එම ස්ථානයේ ක්‍රිඩා කිරීමට පුලුවන් එම නිසා වනිඳු හසරංග ඉතාමත් හොද තුන්ඉරියව් ක්‍රිඩකයෙක් කියලා කියන්න පුලුවන් යනුවෙන් මහේල ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *