2022 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු කරුණු දෙකක් ඩැරන් සැමී පෙන්වා දෙයි

Sports News

විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කළ හිටපු බටහිර ඉන්දීය කොදෙව් නායක ඩැරන් සැමී ඩුබායිහිදී නිමාවට පත්වූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම් දැක්වූ දස්කම් පිළිබඳව විශේෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සැමී ශ්‍රී ලංකාවේ නැගී එන ක්‍රිඩකයින්ගේ දක්ෂතා අගය කරන අතර 2022 T20 ලෝක කුසලානයේදී අනෙකුත් කණ්ඩායම් වලට අභියෝග කිරිමට ශ්‍රී ලංකාව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව අංශ දෙකක් ඉස්මතු කළේය.

මම දැන් කියන්න යන්නේ මේකයි. විස්සයි විස්ස ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවේ මා දුටු නැගී එන දක්ෂතා සමඟ ඔවුන්ට තවත් එක් වේගපන්දු යවන්නෙකු සහ 7 වැනි ස්ථානයේ ක්‍රිඩා කිරිමට තවත් අවසන් ක්‍රීඩකයෙකු සොයා ගැනීමට හැකි නම් 2022 ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතයි ජාත්‍යන්තර විස්සයි විස්ස ලෝක කුසලානය වඩා හොඳින් ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණදීමට පුලුවන් යැයි ඩැරන් සාමී පෙන්වා දෙයි.

2021 T20 ලෝක කුසලානයේ ජාත්‍යන්තර විස්තර විචාරක කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ඩැරන් සැමී ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයින් දැක්වූ දස්කම් ගැන තමා බෙහෙවින් පැහැදුණු බවයි.

ඇත්තටම මම ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ ආකාරය ගැන පැහැදුණා. සමහර විට, එය ජයග්රහණය සඳහා පමණක් නොවේ. ක්‍රීඩකයින් අතර ඇති දියුණුව සහ පරිණතභාවය මට දැක ගත හැකි විය. මීළඟ ලෝක කුසලානයේදී මේ අය දැකීමට මම බලා සිටිමි. ඔවුන් ඔස්ට්‍රේලියාවේදී ශක්තිමත් කණ්ඩායමක් ලෙස ලෝක කුසලානයට අවතීර්ණ වනු ඇත. එමෙන්ම වනිඳු හසරංග, චරිත් අසලංක, පැතුම් නිශ්ශංක මේ සියලුම තරුණයන් විශිෂ්ටයි යනුවෙන් ඩැරන් සාමී මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *