කෙවින් පීටර්සන් ලෝක කුසලාන තරඟාවලියේ හොඳම කණ්ඩායම තෝරයි

Sports News

එංගලන්ත හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කෙවින් පීටර්සන් 2021 ICC T20 ලෝක කුසලානයේ ඔහුගේ හොඳම කණ්ඩායම තෝරාගෙන තිබේ එයට ලෝක කුසලානයේ දක්ෂතා දැක්වූ ක්‍රිඩයින් 11 ඇතුලත් කොට ඇති අතර ඔහුගේ කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය ලෙස කඩුලු රකින පිතිකරුවන් දෙදෙනෙකු තෝරාගෙන තිබේ.

පීටර්සන්ගේ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස එංගලන්තයේ ජොස් බට්ලර් සහ පාකිස්තානයේ මොහොමඩ් රිස්වාන් කටයුතු කරනු ඇත. පීටර්සන් ගේ කණ්ඩායමේ රිස්වාන් පකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ස්ථාවර ලකුණු රැස් කරන්නෙකු වන අතර, අවසන් පූර්ව තරඟයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 67 ක් ලබා ගැනීමට සමත්විය.

කෙවින් පීටර්සන් යනු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ මෙතෙක් බිහිවූ විශිෂ්ටයන් අතරින් කෙනෙකි. 41 හැවිරිදි ඔහු ටෙස්ට් තරඟ 104 ක්, එක්දින තරඟ 136 ක් සහ T20I තරඟ 37 කදී එංගලන්තය නියෝජනය කළේය. ඔහුගේ අද්දැකීම් මත මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ දක්ෂතා දැක්වූ ක්‍රිඩකයින් අතරින් හොඳම කණ්ඩායම මෙසේ තෝරා ඉදිරිපත් කර ඇත.

1. මොහොමඩ් රිස්වාන්

2. ජොස් බට්ලර්

3. බාබර් අසාම්

4. චරිත් අසලංක

5. අයිඩන් මාක්‍රම්

6. මොයින් අලි

7. වනිඳු හසරංග

8. ඇඩම් සම්පා

9. ට්‍රෙන්ට් බෝල්ට්

10. ඇන්රිච් නොර්ට්ජේ

11. ෂහීන් ෂා අෆ්රිඩි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *