පැවති T20 ලෝක කුසලාන වල සෑම සංස්කරණයකම වැඩිම ලකුණු ලාභීන්

Sports News

දැනට ජාත්‍යන්තර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟ හතක් පවත්වා ඇති අතර වසර ගණනාවක් පුරාවටම ලෝක කුසලාන තරඟාවලින් නියෝජනය කල පිතිකරුවන්ගේ හා පන්දු යවන්නන්ගේ ඉතා ආකර්ෂණීය දස්කම් දක්නට ලැබුණි. කෙසේ වෙතත්, T20 ආකෘතිය ක්‍රීඩාවේ ආධිපත්‍යය දැරූ පිතිකරුවන් ගෙන් සමන්විත වන අතර T20 ලෝක කුසලාන වලදී මෙම සම්ප්‍රදාය අනුගමනය කරමින් පිතිකරුවන් ඔවුන්ගේ දක්ෂතා පෙන්වමින් වේගවත්ව ක්‍රිකට් ක්‍රීඩා කිරීම අඛණ්ඩව සිදු කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් ක්‍රිඩකයින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විමට සමත්විය පැවති විස්සයි විස්ස ලෝක කුසලාන සංස්කරණ හතේ දී වැඩිම ලකුණු ලබාගත් ක්‍රිඩකයින් මෙසේ පෙළගැස්විය හැක.

1. පැවති පළමු විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ලාභීයා වීමට ලකුණු 265 රැස්කල මැතිව් හේඩන් සමත්විය.

2. පැවති දෙවන විස්සයි විස්ස තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා විමට ලකුණු 317 රැස්කල තිලකරත්න ඩිල්ශාන් සමත්විය.

3. 2010 පැවති විස්සයි විස්ස ලෝක කුසලානයේත් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ ලකුණු 302 ලබාගත් තිලකරත්න ඩිල්ශාන් විසිනි.

4. 2012 වර්ෂයේ ෂේන් ​​වොට්සන් ලකුණු 249 රැස්කරමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

5. 2014 විස්සයි විස්ස ලෝක කුසලානයේ වැඩිම ලකුණු ලාභියා බවට ලකුණු 319 රැස්කල විරාත් කෝලි සමත්විය.

6. ලකුණු 295 රැස්කල තමීම් ඉක්බාල් 2016 වර්ෂයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

7. මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ ලකුණු 303 රැස් කළ බාබර් අසාම් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *