ආරම්භක පිතිකරණ ස්ථානය කියන්නේ මට අලුත් තැනක් නෙමෙයි – පැතුම් නිශ්ශංක

Sports News

යොවුන් ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සිල්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් සියලුම ආකෘති ක්‍රීඩා කරන වෘත්තීය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු 2021 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසියේය. එතැන් පටන් දක්ෂතා අතර සිටින පැතුම් නිශ්ශංක වඩාත් කතාබහට ලක්වූයේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අතරතුරයි එයට හේතුව පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී කණ්ඩායමේ ආරම්භක පිතිකරන වගකීම නිසියාකාරව නිම කිරීමයි. ලෝක කුසලානයේදී දක්ෂ ලෙස ක්‍රිඩා කල ඔහු අර්ධ ශතක තුනක් ලබාගැනීමටත් සමත්වෙනවා.

ඊයේ ආරම්භ වුන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියේත් නායක දිමුත් කරුණාරත්න සමගින් ඉනිම ආරම්භ කරන ලද්දේ යොවුන් පිතිකරු පැතුම් නිශ්ශංකයි එහිදි දක්ෂ ලෙස ක්‍රිඩා කරපු පැතුම් නිශ්ශංක සිය 2 වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 56ක් වාර්ථා කිරිමට සමත්වෙනවා. තරඟයෙන් අනතුරුව Thepapare.com මෙහෙයව මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් පැතුම් නිශ්ශංක මෙළෙස අදහස් පළකළේය.

මම කලින් විස්සයි විස්ස, එක්දින තරගාවල ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරා ක්ලබ් මැච් වලත් මම සෙල්ලම් කරේ ආරම්භක ස්ථානයේ ඉතින් මම හිතනවා ආරම්භක ස්ථානයේ සෙල්ලම් කරන එක මට ලොකු ගැටලුවක් නෙමෙයි කියලා. සමහර වෙලාවට ආරම්භක ස්ථානයේ සෙල්ලම් කරන්න පොඩි පීඩනයක් තියෙනවා. පළමු දිනයේදී උදේ විකට් එක තෙත ගතියක් තිබ්බා ඉතින් අපි දෙන්නා ප්ලෑන් කරලා සෙල්ලම් කරා. මම හිතනවා අද දවසේ අපිට හොද ලකුණු ප්‍රමාණයක් ලබා ගැනිමට පුලුවන් වෙයි කියලා. පළමු තරඟයේ හොඳ ලකුණු සංඛ්‍යාවක් ලබා ගතහොත් අපිට තරඟය ජයග්‍රහණය කිරිමට ලේසියි යනුවෙන් පැතුම් නිශ්ශංක ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *