T20 ලෝක කුසලාන ඉතිහාසයේ හොඳම පන්දු යැවීම්

Sports News

T20 ක්‍රිකට් නැතහොත් විස්සයි විස්ස බොහෝ දුරට පිතිකරුවන් විසින් ආධිපත්‍යය දරන ක්‍රිකට් ආකෘතියක් වන අතර, පැවති ICC පිරිමි T20 ලෝක කුසලාන සංස්කරණ හතේ දී පන්දුයවන්නන් විසින් ඇදහිය නොහැකි පන්දු යැවීම් කිහිපයක් වාර්ථා වේ. බරින් වැඩි පිත්ත පිතිකරුවන්ගේ වාසියට ක්‍රීඩාව නැඹුරු කර ඇතත්, පන්දු යවන්නන් විශ්මය ජනක දස්කම් සමඟින් කඩුලු ලබාගනිමින් ජනප්‍රියත්වයට පත්ව ඇත.

ICC පිරිමි T20 ලෝක කුසලාන තරඟාවලියේදී පන්දු යවන්නන් කිහිප දෙනෙකුම කඩුලු පහ බිඳ දැමූ ආකාරය දැක ඇති අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ හොඳම පන්දු යැවීමේ දස්කම් ලැයිස්තුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුලත් වීම විශේෂත්වයකි.

විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ ඉහළම පන්දු යැවීමේ දස්කම් දැක්වූ ක්‍රිඩකයින්ගේ ලැයිස්තුව මෙසේ පෙළගැස්විය හැක.

1. Ajantha Mendis – 6/8 vs Zimbabwe, 2012

2. Rangana Herath – 5/3 vs New Zealand, 2014

3. Umar Gul – 5/6 vs New Zealand, 2009

4. Ahsan Malik – 5/19 vs South Africa, 2014

5. Mujeeb Ur Rahman – 5/20 vs Scotland, 2021

 

6. Mustafizur Rahman 5/22 vs New Zealand, 2016

7. James Faulkner 5/27 vs Pakistan, 2016

8. Lasith Malinga 5/31 vs England, 2012

Leave a Reply

Your email address will not be published. Required fields are marked *