එක්දින තරඟ 5 ක් සඳහා එංගලන්ත 19 න් පහළ කණ්ඩායම දිවයිනට

Sports News

එක්දින තරග 5කට ක්‍රීඩා කිරීම සඳහා එංගලන්ත වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ඊයේ හවස දිවයිනට පැමිණියා. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම් අතර පළමු එක්දින තරගය ලබන 30 වැනිදා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලියේ සියලුම තරග කොළඹ SSC පිටියේදී පැවැත්වේ.

එංගලන්ත වයස අවුරුදු 19 පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඩෝසන් පැවසුවේ මෙම තරගාවලිය අපගේ කණ්ඩායමට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් ලැබෙන අත්දැකීම් කණ්ඩායමට හොඳ අවස්ථාවක් බවයි. නුහුරු නුපුරුදු තත්වයන් තුළ ඔවුන්ගේ සම වයසේ මිතුරන්ට එරෙහිව පීඩනය සහිත පරිසරයක ක්‍රීඩා කිරීමට ලැබීම ඔවුන්ට ලොකු අවස්ථාවක් ලබා දෙනු ඇත යනුවෙන් ප්‍රධාන පුහුණුකරු ඩෝසන් මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙම සංචාරය ඔවුන්ගේ අනාගත සංවර්ධනයේ අනිවාර්ය අංගයක් වන අතර 2022 ජනවාරි මාසයේ ආරම්භ වන කැරිබියන් දූපත් වල පැවැත්වෙන ICC පිරිමි U19 ලෝක කුසලානය සඳහා හොඳ සූදානමක් ද ලබා දෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *