ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වාර්තා ලැයිස්තුව

Sports News

ටෙස්ට් ක්‍රිකට් යනු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාවේ පැරණිතම ක්‍රිකට් ක්‍රමයයි. ටෙස්ට් තරගයක් දින පහක කාලයක් පුරා පැවැත්වෙන අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජික රටවල් නියෝජනය කරන කණ්ඩායම් විසින් ටෙස්ට් තරඟ ක්‍රීඩා කරනු ලැබේ. ශ්‍රී ලංකාව 1981 දී ICC හි පූර්ණ සාමාජිකත්වය ලබා ගත් අතර, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලැබූ අටවන රට බවට ශ්‍රී ලංකාව පත් විය.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 1982 පෙබරවාරි 17 වන දින එංගලන්තයට එරෙහිව ඔවුන්ගේ පළමු ටෙස්ට් තරඟය ක්‍රීඩා කළ අතර, ඔවුන්ගේ පළමු ජයග්‍රහණය වාර්තා කළේ 1985 සැප්තැම්බර් 6 වන දින ඉන්දියාවට එරෙහිව තරඟයකදීය. 1997 දී ඉන්දියාවට එරෙහිව පිහිටුවන ලද වැඩිම කණ්ඩායම් ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව ශ්‍රී ලංකාව සතුය. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම සම්බන්ධතාව පිහිටුවූයේ ද ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකි. මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර යන ක්‍රිඩකයින් දෙපලයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා ලෙස ශ්‍රී ලංකා පිතිකරණ වාර්තා කිහිපයකටම හිමිකම් කියනුයේ මුල්පෙළ පිතිකරු සහ හිටපු නායක කුමාර් සංගක්කාරයි. වැඩිම ශතක සංඛ්‍යාවක් මෙන්ම වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක වාර්තා හිමිකරුවා ද ඔහුයි.

2006 වසරේ දකුණු අප්‍රිකාවට එරෙහිව මහේල ජයවර්ධන විසින් රැස් කරන ලද ලකුණු 374 ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු විසින් වාර්තා කරන ලද ඉහළම පුද්ගලික ලකුණු සංඛ්‍යාව වන අතර එය 1997 දී ආරම්භ කරන ලද සනත් ජයසූරිය විසින් මීට පෙර ලබා ගත් හොඳම ලකුණු 340 අභිබවා යයි. එය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සිව්වැනි ඉහළම පුද්ගලික ලකුණු සංඛ්‍යාව ද වේ. ජයවර්ධන, ජයසූරිය සහ කුමාර් සංගක්කාර ත්‍රිත්ව ශතක ලබාගත් එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වේ.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ එතෙක් මෙතෙක් බිහිවූ හොඳම පන්දු යවන්නා ලෙසින් ප්‍රශංසාවට ලක්වූ මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේ වාර්තාවේ ආධිපත්‍යය දරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *