සනත් ජයසූරියගේ ජාත්‍යන්තර ක්‍රිකට් ශතක ලැයිස්තුව

Sports News

දේශබන්දු සනත් ජයසූරිය යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකි. ඔහු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ ආරම්භක පිතිකරුවෙක් වන අතර ඔහුගේ ආක්‍රමණශීලී පිතිකරණ විලාසය නිසා ඔහුට “මාස්ටර් බ්ලාස්ටර්” යන නම ලැබී ඇත. ඔහුගේ පිතිකරණ විලාසය 1996 ලෝක කුසලානයේ දී ක්‍රීඩාවට නව උපාය මාර්ගයක් හඳුන්වා දුන් අතර, එහිදී ඔහු සහ ආරම්භක පිතිකරු රොමේෂ් කළුවිතාරණ සමගින් ඔවුන්ගේ වාසිය සඳහා පන්දු රැකීමේ සීමාවන් භාවිතා කරමින් ඉතා ආක්‍රමණශීලී ලෙස පන්දුවට පහර දුන්හ.

මෙය පසුව සම්මත ආරම්භක පිතිකරණ උපාය මාර්ගයක් බවට පත් වූ අතර, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ග්ලෙන් මැක්ග්‍රාත්ට අනුව ජයසූරිය “ඉනිම ආරම්භ කරන්නේ කෙසේද යන්න පිළිබඳව සියලු දෙනාගේම චින්තනය වෙනස් කළේය” යනුවෙන් සුපිරි ක්‍රිකට් ක්‍රිඩක ග්ලෙන් මැක්ග්‍රාත් ජයසූරියව විස්තර කළේය. ඔහුගේ දස්කම් හේතුවෙන් ජයසූරිය 1997 වසරේ විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස තේරී පත් විය, ඔහු ටෙස්ට් සහ එක් දින ශතක 42ක් රැස් කළේය. නමුත් විස්සයි20 ජාත්‍යන්තර තරඟයකදී ශතකයක් රැස් කිරීමට නොහැකි විය, එහිදී ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව 88 වේ.

ජයසූරිය 1991 දී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළද, ඔහු ශ්‍රී ලංකා පිලේ නිත්‍ය ක්‍රීඩකයකු බවට පත්ව සිටි කාලයේ පළමු ශතකය වාර්තා කළේ 1996 දීය. 1997 අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව ඔහුගේ වෘත්තීය දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 340 රැස්කළේය . 2006 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව එය විය. එය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ එකතුවෙහි (952/6) කොටසකි.

ඔහු ද්විත්ව ශතක දෙකක් ද ලබා ඇත එංගලන්තයට එරෙහිව 213ක් සහ පාකිස්තානයට එරෙහිව 253ක් ලෙසිනි. ඔහු 2004 වසරේ සිම්බාබ්වේට එරෙහිව ඔහු ලබාගත් ලකුණු 157 ශ්‍රී ලංකා ක්‍රීඩකයකු ලබාගත් දෙවැනි වේගවත්ම ශතකය වේ. නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් හැරුණු විට ටෙස්ට් ක්‍රීඩා කරන සෑම රටකටම එරෙහිව ශතක රැස් කර ඇති ක්‍රිඩකයා ජයසූරියයි 2007 දී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔහු සමුගත්තේය.

ජයසූරිය 1989 දී සිය මංගල ODI තරඟය ක්‍රීඩා කළ අතර 1993 දී ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කිරීමට පටන් ගත්තේය. ඔහු 1994 දී නවසීලන්තයට එරෙහිව සිය පළමු ශතකය වාර්තා කළේය. එතැන් සිට ජයසූරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම එක්දින ශතක සංඛ්‍යාවක් රැස්කරමින් ඔහුගේ නමට ශතක 28ක් රැස් කළේය. 2019 සැප්තැම්බර් වන විට, ඔහු සචින් ටෙන්ඩුල්කාර් (ශතක 49), විරාත් කෝලි (ශතක 43) සහ රිකී පොන්ටින් (ශතක 30) පසුපසින්, එක්දින ක්‍රිකට් දිවියේ වැඩිම එක්දින ශතක සඳහා සිවුවැනි ස්ථානය හිමිකරගෙන ඇත.

ඔහුගේ දෙවැනි ශතකය, එනම් 1996 දී පකිස්තානයට එරෙහිව ලකුණු 134, 206.15 ක ප්‍රහාරාත්මක වේගයකින් ලබා ගත් අතර එකල එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම ශතකය එය විය. මෙම වාර්තාව පසුව පකිස්ථානු ක්‍රිකට් ක්‍රීඩක ෂාහිඩ් අෆ්රිඩි විසින් බිඳ දමන ලදී. ඔහු 2000 දී ඉන්දියාවට එරෙහිව රැස් කළ ලකුණු 189 තනි ඉනිමක ක්‍රිඩකයෙක් රැස්කල හයවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වේ. 2006 දී නෙදර්ලන්තයට එරෙහිව ඔහුගේ දෙවන ඉහළම එක්දින ලකුණු සංඛ්‍යාව වන ලකුණු 157 ලබා ගත්තේය.

2009 ජනවාරි 28 වන දින ඉන්දියාවට එරෙහිව ලබාගත් ලකුණු 107 සමඟ, ජයසූරිය ඒ වන විට වයස අවුරුදු 39 යි දින 212 කදී ශතකයක් රැස් කළ වයස්ගතම ක්‍රීඩකයා බවට පත්විය. මෙම අසහාය ක්‍රිකට් ක්‍රිඩකයාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලැබිය යුතු නිසි පිළිගැනීම ලැබූණාද? යන්න ප්‍රශ්නයක් ඇත කේසේ වෙතත් ඔහු ශ්‍රී ලංකාවේ මෙන්න ලෝකයේ ක්‍රිකට් රසිකයන්ගෙ නොමද ගවුරවයට පාත්‍ර වූ ක්‍රිකට් ක්‍රිඩකයෙකි ඉතින් අපි මේ අසහාය ක්‍රිකට් ක්‍රිඩකයාට දීර්ඝායු පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *