ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ලාභීන් 5 ගේ ලැයිස්තුව

Sports News

ක්‍රිකට් යනු ලොව ජනප්‍රියම ක්‍රීඩාවක් වන අතර එය උපමහාද්වීපය පුරා එනම් ඕස්ට්‍රේලියානුවන්,ඇමෙරිකානු රටවල සහ තවත් බොහෝ රටවල වල ජනප්‍රිය ක්‍රිඩාවක් ලෙස ක්‍රිකට් ක්‍රිඩාව හැදින්විය හැක. ක්‍රිකට් ක්‍රීඩාවේ පාලන ආයතනය වන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකයින් 100 කට අධික සංඛ්‍යාවක් සිටින අතර ඉන් 12 දෙනෙකු ටෙස්ට් තරඟ ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබා ඇත.

ක්‍රීඩාවේ පැරණිතම ක්‍රමය වන ටෙස්ට් තරඟ, සම්ප්‍රදායිකව උපරිම වශයෙන් දින පහක් පුරාවට සුදු ඇඳුමින් ක්‍රීඩා කරනු ලබන අතර, කණ්ඩායම් දෙකම ඉනිම් දෙකක් සඳහා පන්දුවට පහර දෙයි. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ අනෙකුත් ප්‍රධාන ආකෘතීන් දෙක සීමිත ඕවර ක්‍රීඩා වේ. එනම් එක්දින සහ විස්සයි විස්ස ආකෘතීන් දෙකයි. අද අපි මෙම ලිපිය මගින් කතා කිරිමට යන්නේ එක්දින ක්‍රිකට් පිටිය පිළිබඳවයි.

මෙම ලිපිය මගින් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රිඩාවේ වැඩිම ලකුණු ලාභීන් පස්දෙනා පිළිබඳව අනාවරණය කිරිමට සුදානම් වේ. එක්දින ජාත්‍යන්තර ලකුණු ලාභීන් අතර මෙතෙක් වැඩිම ලකුණු ලාභියා වන්නේ ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් ය. “ද ලිට්ල් මාස්ටර්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන ටෙන්ඩුල්කාර් 1989 සිට 2012 දක්වා ඔහුගේ එක්දින දිවියේ ලකුණු 18,426ක් රැස් කළේය. එමෙන්ම මෙම ලැයිස්තුවේ ශ්‍රී ලංකා ක්‍රිඩකයින් 3 දෙනෙක් නියෝජනය කරයි. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රිඩාවේ වැඩිම ලකුණු ලාභීන් පස්දෙනා ගේ ලැයිස්තුව මෙසේ පෙළගැස්විය හැක.

1. සචින් ටෙන්ඩුල්කාර් ලකුණු 18426 යි.

2. කුමාර සන්ගක්කාර ලකුණු 14234 යි.

3. රිකී පොන්ටින් ලකුණු 13704 යි.

4. සනත් ජයසූරිය ලකුණු 13430 යි.

5. මහේල ජයවර්ධන ලකුණු 12650 යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *