නායක දිමුත් කරුණාරත්න ගෙන් ගිලිහුණු වාර්තාව

Sports News

ටෙස්ට් ක්‍රිකට් තරඟයක ඉනිම් දෙකේදීම ශතකයක් රැස්කළ පළමු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවා වීමේ අවස්ථාව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නට ගිලිහී ගියේය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේදී දිමුත් කරුණාරත්න නායකත්ව ඉනිමක් ක්‍රිඩා කරමින් අගනා ලකුණු 147ක් රැස් කළේය. නමුත් අවාසනාවන්ත ලෙස දෙවැනි ඉනිමේදී ලකුණු 83කට දිමුත් කරුණාරත්න දැවී ගියේය.

නමුත් තරගයේ එකම ශතක ලාභියා වූ දිමුත් කරුණාරත්න දෙවැනි ඉනිමේදීද සාර්ථකම වෙමින් තරමක් ආක්‍රමණශීලී පිතිකරන රටාවක නිරත වූවේය. දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට පන්දු 65 කට මුහුණ දුන් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ලකුණු 42 ක් ලබා සිටියේය. ඔහුට අනගි සහායක් ලබා දීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්විය පළමු ඉනිමේ දී ශතකයක් වාර්තා කළ දිමුත් කරුණාරත්න දෙවැනි ඉනිමේ දී ලකුණු 83ක් ලබා සිටියදී දැවී ගියේය. ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 69ක් රැස්කිරිම සමත්විය.

ලකුණු 83 කට නායක දිමුත් කරුණාරත්න දැවී යාම හේතුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරඟයක ඉනිම් දෙකේදීම ශතකයක් රැස්කළ පළමු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවා වීමේ අවස්ථාව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නට ගිලිහී ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *