ක්‍රිකට් පිටියේ උඩපන්දු 500කට වඩා ලබාගත් කඩුලු රකින්නන් 5 දෙනෙක්

Sports News

ක්‍රිකට් ක්‍රිඩාවේ බොහෝ විට පිතිකරුවන් සහ පන්දු යවන්නන්ට වැඩි අවධානයක් යොමු කෙරේ. නමුත් තරඟයක් ජයග්‍රහණය කිරිමට කණ්ඩායමට අත්‍යවශ්‍ය බොහෝ විට සාකච්ඡා වලදී නොසලකා හරින කඩුලු රකින්නන් කණ්ඩායමේ ජයග්‍රහණය කෙරෙහි සුවිශේෂ බලපෑමක් කරයි. එමෙන්ම කඩුලු රකින ක්‍රීඩකයින් සඳහා වඩාත්ම වැදගත් දැවී යාමේ ක්‍රමයක් වන්නේ ඔවුන් ලබා ගන්නා උඩපන්දු ය. ඉතින් මෙසේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ උඩපන්දු 500කට වඩා ලබා ගත් කඩුලු රකින්නන් 5 දෙනා පෙළගැස්විය හැක.

1. Mark Boucher (South Africa, Africa XI, ICC World XI)

ක්‍රිකට් ක්‍රීඩා කර ඇති හොඳම කඩුලු රකින්නෙකු වන මාර්ක් බවුචර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ උඩපන්දු 500කට වඩා ලබා ගත් කඩුලු රකින්නන්ගේ ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටී. 1997 සහ 2012 අතර කාලය තුල ඔහුගේ ක්‍රිකට් දිවිය තුළ ඔහු තරඟ 467 කට ක්‍රීඩා කර ඇති අතර එහිදී ඔහු උඩපන්දු 952ක් ලබාගැනීමට සමත්විය.

2. Adam Gilchrist (Australia, ICC World XI)

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ උඩපන්දු 500කට වඩා ලබාගෙන ඇති මෙම කඩුලු රකින්නන්ගේ ලැයිස්තුවේ මාර්ක් බවුචර්ට පසුව දෙවැනි ස්ථානය හිමිකර ගැනිමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රිඩක ඇඩම් ගිල්ක්‍රිස්ට් සමත්විය ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ උඩපන්දු 813ක් ලබාගෙන ඇත.

3. MS Dhoni (Asia XI, India)

ඔහු ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර තරඟ 538 ක් ක්‍රීඩා කර ඇති අතර එහිදී ඔහු ක්‍රිකට් පිටියේ උඩපන්දු 634 ක් ලබාගෙන ඇත.

4. Ian Healy (Australia)

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ තරග 287 කදී උඩපන්දු 560 ක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියානු කඩුලු රකින්නන් ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්විය ඔහු ඇඩම් ගිල්ක්‍රිස්ට්ට පිටුපසින් සිටින අතර උඩපන්දු ලබාගැනීම් සම්බන්ධයෙන් දෙවැනි සාර්ථකම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයා වේ.

5. Kumar Sangakkara (ICC World XI, Asia XI, Sri Lanka)

කුමාර සංගක්කාර සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ තරග 594කට ක්‍රීඩා කර උඩපන්දු 539ක් ලබාගෙන ඇත්තේ ඉනිමකට දැවී යාමේ සාමාන්‍ය 1.358ක් රදවා ගනිමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *