රමේෂ් හා ඇඹුල්දෙණිය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ බලාපොරොත්තු ඉහළ නංවයි.

Sports News

lCC ලෝක ටෙස්ට් ශූරතාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය අබියසට පැමිණ ඇත. දිනයේ තෙවැනි සැසියේදී රමේෂ් මෙන්ඩිස් සහ ලසිත් ඇඹුල්දෙණිය පළමු කඩුලු 6 ලකුණු 16කට දවා ගැනිමට සමත්විය.

රමේෂ් මෙන්ඩිස් සිය ටෙස්ට් ක්‍රිකට් පිටියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 17කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය. ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 18කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

සතුටු දායකම කරුණ වී ඇත්තේ මේ පන්දු යවන්නන් සියලු දෙනාම අවුරුදු 26 ට අඩු වයසේ පසුවීම වේ. තියුණු ලෙසින් දඟ කැවෙන ගාල්ල තණතීරුවේදී තරුණ පන්දු යවන්නන් පන්දු යැවූ ආකාරය පිළිබඳව කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතමයා වන ඇන්ජලෝ මැතිව්ස් සතුටින් පසුවෙයි.

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමේදී ලකුණු 191කට සියලු දෙනා දැවී ගියේය. ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලකුණු 348 ක් ලබා ගත යුතුයි. 4 වැනි දිනය නිමා වන විට කොදෙව්වන් කඩුලු 6ක් දැවී ලකුණු 52ක් ලබා සිටි අතර ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 296 ක් කොදෙව්වන්ට අවශ්‍යයි. එම ලකුණු සංඛ්‍යාව ලබා ගැනිමට කොදෙව් කණ්ඩායම ඇත්තේ කඩුලු 4 පමණි. එම නිසා මෙම තරගාවලිය ජයග්‍රහණය කිරීමේ වැඩි වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම සතුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *