පළමු ටෙස්ට් තරගය ලකුණු 187කින් ජයගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය

Sports News

දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේ පැවති මෙම තරඟයේ මුල්පෙළ ඉනිම් දෙකේදීම ආධිපත්‍යය දැරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් ඉදිරියේ කොදෙව් පිතිකරුවන් අන්ත අසරණ විය. එම හේතුවෙන් ගාල්ලේ දී පැවති පළමු තරඟය ලකුණු 187 කින් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය වූ අද දිනයේ තරඟය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ ලකුණු 348 ක ඉලක්කය හඹා යමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 6 ක් දැවි ලකුණු 52 ලබා සිටි අතර ඔවුන්ට අද දිනයේ සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 160 ක් පමණි.

ලැබූ ජයග්‍රහණයත් සමඟ ජාත්‍යන්තර ක්‍රිකට් ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියරේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *