ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දස්කම් ගැන නායක දිමුත් කරුණාරත්න කියූ කතාව

Sports News

සෝබර්ස් – තිසේරා කුසලාන වෙනුවෙන් පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරඟය ලකුණු 187 ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. එම හේතුවෙන් 1-0 ක් ලෙස ශ්‍රී ලංකා පිල පෙරමුණ ගෙන සිටියි. දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය නොවැම්බර් 29 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ජයග්‍රහණයෙන් අනතුරුව Thepapare.com මෙහෙයවනු ලබන මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් වමත් රතු පන්දු විශේෂඥයෙකු වන නායක දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැක්වූ දස්කම් පිළිබඳව මෙලෙස අදහස් පළකළේය.

පළමු තරඟයේ පැවති විකට් එකේ ඉනිම ආරම්භ කරන්න ටිකක් අමාරුයි. නමුත් අපේ කණ්ඩායමේ දඟ පන්දුයවන්නන් වන රමේෂ්, ඇඹුල්දෙණිය,ප්‍රවින් ජයවික්‍රම හොදින් පන්දු යැව්වා එම නිසා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණිමට නොහැකි වුනා. අපි ගොඩක් හොඳ දේවල් කරා, අපි ගොඩක් මහන්සි උනා,අපි දැනන් හිටියා කරන්න ඕනි දේවල් මොනවද කියන එක අපිට ලොකු විශ්වාසයක් තිබ්බා මෙම තරඟය ජයග්‍රහණය කරන්න පුලුවන් කියලා.

මම ටික කාලයක් ක්‍රිකට් සෙල්ලම් කරේ නැහැ , පුහුණුවීම් වලට සම්බන්ධ උනේ නැහැ මට ලකුණු අතරට පැමිණිමට හැකි උනේ මගේ ආත්ම විශ්වාසය නිසා. මම ගොඩක් මහන්සි උනා ලකුණු අතරට පැමිණිමට මම දන්නවා මම පොඩි ආරම්භයක් ගත්තොත් මට පුළුවන් කියලා ලකුණු අතරට පැමිණිමට ඒත් මම හිතනවා සුපුරුදු රිද්මයට මට පැමිණිමට නොහැකි උනා කියලා.

ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා මට ගොඩක් දේවල් කියා දුන්නා. මම කරන්න ඕනි මොනවද කියන එක එයා මට කියා දුන්නා ඒක නිසා මට ගොඩක් ලේසි උනා. එමෙන්ම දඟ පන්දුයවන්නන් තුන්දෙනෙක් ක්‍රිඩා කරන එක මටත් ලේසියි. පොඩි ගැටලුවක් තියෙන්නේ අපේ පිතිකරනය තමයි මීළග තරඟයට බෝහෝ දුරට පිතිකරුවෙකු හෝ වේගපන්දු යවන්නෙක් ආදේශ කිරිමට ඉඩ තියෙනවා. අපි අපේ රටේ තියෙන සියලුම ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය කිරිමට අවශ්‍යයි මෙම තරගාවලියේ ඉදිරියට යෑමට යනුවෙන් නායක දිමුත් කරුණාරත්න ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *