වසරක කාලයකට මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එක්වෙයි

Sports News

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන මහතා 2022 ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා ‘උපදේශක පුහුණුකරු’ ලෙස පත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.

වසරක කාලයක් සඳහා බලපැවැත්වෙන ඔහුගේ නව භූමිකාව තුළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සමස්ත ක්‍රිකට් අංගය භාරව කටයුතු කරන අතර, ක්‍රීඩකයින් කළමනාකරණය ඔහුට පැවරෙන වගකීම් අතර වෙයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ඉහළ දක්ෂතා දැක්වීම සඳහා මහේල ලබා දුන් දායකත්වය මිල කළ නොහැකිය.

නව පත්වීමට අමතරව ඔහු ලබන වසරේදී බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සූදානම් වන ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමඟ ද කටයුතු කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *