ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට දිමුත් කරුණාරත්නත්

Sports News

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වාර්ෂිකව සංවිධාන කරන සම්මාන උලෙළ අතුරින් විශාලතම ගෞරවය හිමි වන වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න නිර්දේශ වෙයි. මේ සඳහා ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයන් 5ක් නිර්දේශ වී ඇති අතර, එයින් දිමුත් කරුණාරත්න කැපී පෙනෙන තරුවක් බවට පත්ව සිටී.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා මේ වසරේ නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 3කට ක්‍රීඩා කර ලකුණු 379ක් ලබා සාමාන්‍යය 63.2ක් රඳවාගත් ඩෙවොන් කොන්වේ, පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 9කට ක්‍රීඩා කර ලකුණු 455ක් ලබා සාමාන්‍යය 45.50ක් රඳවා සිටින මොහොමඩ් රිස්වාන්, එංගලන්තය වෙනුවෙන් මේ වසරේ ටෙස්ට් තරග 13කදී ලකුණු 1544ක් ලබා සාමාන්‍යය 57.61ක් ලැබූ ජෝ රූට් හා ඉන්දියාව වෙනුවෙන් මේ වසරේ ටෙස්ට් තරග 8කදී කඩුලු 52ක් දවා සාමාන්‍ය 16. 23ක් රඳවාගත් රවිචන්ද්‍රන් අශ්වින් තරගකරුවන් අතර සිටිති.

දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රීඩාවේ විශේෂඥයකු වන අතර, මේ වසරේ රට වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා වේ. මේ වසරේ ක්‍රීඩා කළ ටෙස්ට් තරග 7කදී ලකුණු 902ක් ලබා ගැනීමට කරුණාරත්න සමත්ව ඇත්තේ ලකුණු සාමාන්‍යය 69.38ක් ලෙස රඳවා ගනිමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *