එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ කඩුලු 300ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නන්

Sports News

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රිඩාව තුල කඩුලු 300ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබා ගැනීම එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකේ. 1996 වසරේ ඔක්තෝම්බර් මාසයේදී පකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම් විසින් ප්‍රථම වරට සිදු කරන ලද මෙම ජයග්‍රහණය, 2021 දෙසැම්බර් වන විට ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රිකට් ක්‍රීඩකයින් 13 දෙනෙකු විසින් පමණක් ලබා ගෙන ඇත.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 4 දෙනෙකු කඩුළු 300ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් දවාගෙන ඇති අතර එම වාර්තාවට පකිස්ථානු ක්‍රීඩකයින් තිදෙනෙකු, ඕස්ට්‍රේලියානුවන් දෙදෙනෙකු, ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙකු, නවසීලන්ත ක්‍රීඩකයෙකු සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකුද ඇතුළත්. නමුත් එම වාර්තාව අභිභවා යෑමට බංගලාදේශය, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් වල කිසිම ක්‍රීඩකයෙකු කඩුලු 300 සීමාවට ලඟා වී නොමැත.

ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් කඩුලු 534ක් දවාගෙන ඇති අතර ඔහු වැඩිම කඩුලු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියයි. ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ග්ලෙන් මැක්ග්‍රාත් කඩුලු 300ක් හෝ ඊට වැඩි ගණනක් දවාගත් ක්‍රීඩකයින් අතර හොඳම පන්දු යැවීමේ සාමාන්‍යය (22.02) සතුය. 2001 වසරේ සිම්බාබ්වේ පිලට එරෙහිව ලකුණු 19කට කඩුලු 8ක් දවාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩක චමින්ද වාස් එක්දින ක්‍රිකට් ක්‍රිඩාව තුල පන්දු යවන්නෙකු යවන්නකු කඩුලු 8ක් දවාගත් එකම අවස්ථාවයි.

එක්දින ක්‍රිකට් පිටියේ කඩුලු 300 ඉක්මවූ පන්දු යවන්නන් අතර එක්දින ක්‍රිකට් පිටියේ ලකුණු 10,000 සීමාවට එක් වූ එකම ක්‍රිකට් ක්‍රීඩකයා සනත් ජයසූරියයි.

එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ කඩුලු 300ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුව මෙසේ පෙළගැස්විය හැක – මුත්තයියා මුරලිදරන්, වසීම් අක්‍රම්,වකාර් යුනිස්,චමින්ද වාස්,ෂාහිඩ් අෆ්රිඩි, ෂෝන් පොලොක්, ග්ලේන් මැග්‍රාත්,බ්‍රෙට් ලී,ලසිත් මාලිංග,අනිල් කුම්බ්ලේ,සනත් ජයසූරිය,ජවගල් ශ්‍රීනාත්, ඩැනියෙල් විටෝරි යන ක්‍රිඩකයින් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *