අක්තාර් සහ ජයසූරිය ලෙජන්ඩ්ස් ක්‍රිකට් ලීගයේ ආසියා ලයන්ස් කණ්ඩායමට

Sports News

ෂොයිබ් අක්තාර්, සනත් ජයසූරිය ඇතුළු තවත් ක්‍රීඩකයින් රැසක් මෙවර ලෙජන්ඩ්ස් ක්‍රිකට් ලීගයේ දී Asia Lions කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇත. ලීගය ඕමානයේ අල් අමෙරත් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවත්වෙන අතර අනෙක් කණ්ඩායම් දෙක ඉන්දියාව සහ ලෝකයේ සෙසු රටවල් නියෝජනය කරයි.

ආසියා ලයන්ස් සංචිතයට ෂොයිබ් අක්තාර්, ෂහීඩ් අෆ්රිඩි, සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, අසාර් මහමුද්, මිස්බා උල් හක්, ෂොයිබ් මලික්, මොහොමඩ් යූසුෆ්, උමාර් ගුල්, යුනිස් ඛාන් සහ අස්ගාර් ඇෆ්ගන් යන ක්‍රිඩකයින් ඇතුළත්ය.

ලෙජන්ඩ්ස් ක්‍රිකට් ලීගයේ කොමසාරිස් වශයෙන් කටයුතු කරන හිටපු ඉන්දීය පුහුණුකරු රවී ශාස්ත්‍රි මහතා පැවසුවේ පකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන මෙම ක්‍රීඩකයින් අනෙක් කණ්ඩායම් දෙකට විශාල අභියෝගයක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *