2021 වසරේ හොඳම එක්දින කණ්ඩායම

Sports News

2021 යනු එතරම් එක්දින තරගාවලි පැවැත්වූ වසරක් නොවේ. ඔක්තෝබර් මාසයේදී පැවැති විස්සයි විස්ස ලෝක කුසලානය නිසා බොහෝ කණ්ඩායම් T20 තරඟ වැඩි වශයෙන් ක්‍රීඩා කළේය. කෙසේ වෙතත් ODI Super League තරඟ ක්‍රියාත්මකව පැවති අතර ඒ නිසා එක්දින තරඟ අඩු වශයෙන් වුවද රටවල් විසින් ක්‍රිඩා කළේය. එම තරගාවලි සටහන මත, මෙම ලිපියෙන් අපි 2021 වසරේ හොඳම එක්දින කණ්ඩායම මෙසේ පෙළගැස්විමට සූදානම් වේ.

1. ආරම්භක පිතිකරු යුගලය ජැනමන් මාලන් සහ පෝල් ස්ටර්ලින්

2021 වසරේ හොඳම එක්දින කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය ලෙස ජැනමන් මාලන් සහ පෝල් ස්ටර්ලින් පිතිහරඹය ආරම්භ කරනු ඇත. මේ වසරේ මෙතෙක් එක්දින තරඟවල වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ මුල් ස්ථාන 2 ලබා ගැනීමට ඔවුන් දෙදෙනා සමත් වී ඇත.

2. මැදපෙළ පිතිකරු ලෙස බබාර් අසාම් (C), ෆකාර් සමාන්, ජොනී බෙයාර්ස්ටෝ සහ මුෂ්ෆිකර් රහීම් (Wk)

2021 වසර යනු බබාර් අසාම්ගේ වසර ලෙස හැදින්විය හැක. මොහු පකිස්තාන නායකයා ලෙස සියලු ආකාරයේ තරඟ වල එනම් ටෙස්ට්,එක්දින, විස්සයි විස්ස තරග වල හොඳ තත්ත්වයක සිටියි. ඔහු 2021 දී එක්දින තරග 6කදී ලකුණු 405ක් රැස් කළේය.බාබර් මෙම සංචිතයටද නායකත්වය දෙනු ඇත. මෙම කණ්ඩායමේ අංක 4 වන ස්ථානයට බබාර්ගේ සගයා වන ෆකාර් සමානන් ක්‍රිඩා කරනු ඇත.

3. තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස ෂකීබ් අල් හසන් සහ වනිඳු හසරංග

4. පන්දු යවන්නන් ලෙස දුෂ්මන්ත චමීර, සන්දීප් ලමිච්චේන් සහ මුස්තාෆිසුර් රහ්මන් කටයුතු කරයි.

චමීර 2021 වසර සඳහා එක්දින තරගවල වැඩිම කඩුලු ලාභියා වේ. ශ්‍රී ලංකාවේ දකුණත් වේග පන්දු යවන්නා මෙම වසරේ කඩුලු 20ක් රැස් කළේය. ඔහුගේ හොඳම පන්දු යැවීමේ වාර්තාව 5/16 ලෙස සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *