2021 වසරේ හොඳම ටෙස්ට් කණ්ඩායම

Sports News

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට 2021වසරේ දී හොඳ ආරම්භයක් ලබා ගත්තේය. එයට හේතුව ලෝක ටෙස්ට් ශූරතාවලිය ක්‍රියාත්මක වීමයි. බොහෝ ත්‍රාසජනක සිදුවීම් සහ පළමු ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සමඟින්, රතු-පන්දු ආකෘතිය මේ වසරේ දී බොහෝ දෙනාගේ අවධානයට ලක් විය. ක්‍රීඩකයන් කිහිප දෙනෙක් මේ වසරේ අඛණ්ඩව තම කණ්ඩායම් වෙනුවෙන් හොඳින් ක්‍රීඩා කළහ. එම සටහන, මෙම ලිපිය මගින් අපි 2021 වසරේ හොඳම ටෙස්ට් කණ්ඩායම මෙසේ පෙළගැස්විමට සූදානම් වේ.

1. ආරම්භක පිතිකරු යුගලය ලෙස රෝහිත් ෂර්මා සහ දිමුත් කරුණාරත්න.

රෝහිත් ෂර්මා සහ දිමුත් කරුණාරත්න 2021 වසරේ හොඳම ටෙස්ට් කණ්ඩායම සඳහා පිතිකරණය අරඹයි. ඔස්ට්‍රේලියාවේ සංචාරයක් නොතිබුණත්, රෝහිත් එංගලන්තයට එරෙහිව මව්බිමේදීත්, පසුව එංගලන්ත භූමියේදීත් ප්‍රබල ලෙස ක්‍රිඩා කරමින් ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේය. දිමුත් කරුණාරත්න තරග හතකදී 2021 දී ලකුණු 900කට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන ඇත. දිගු කලක් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හොඳින් දස්කම් දක්වමින් සිටින අතර ඔහුගේ සාමාන්‍ය 69.38 වේ.

2. මැදපෙළ පිතිකරු ලෙස මාර්නස් ලබුස්චේන්, ජෝ රූට් (C), රිෂාබ් පාන්ට් (Wk) සහ ෆවාඩ් අලාම්.

ජෝ රූට් මෙම කණ්ඩායමට නායකත්වය දෙනු ඇත. 2021 දී ඔහු ලකුණු 1600කට වඩා රැස් කර ඇති අතර වසර අවසන් වන විට ඔහුගේ වාර්තාවට තවත් ලකුණු ලැබෙනු ඇත.රූට් ඉන්දියාවේ දීත් ශතක රැස්කල අතර ඕස්ට්‍රේලියාවේදීද හොඳින් ක්‍රිඩා කළේය.

3. තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස අශ්වින් සහ අක්සාර් පටෙල් කටයුතු කරයි.

අශ්වින් 2021 දී කඩුලු 50 සීමාව පසුකරද්දී, අක්සාර් පටෙල් සිය ක්‍රීඩා දිවිය හොඳින් ආරම්භ කළේය. අෂ්වින් ද මේ වසරේ ශතකයක් ලබා ගැනිමට සමත්විය.

4. පන්දු යවන්නන් ලෙස රොබින්සන්,හසන් අලි සහ ෂහීන් අෆ්රිඩි කටයුතු කරයි.

මෙම වසරේ කොග්නොස් රොබින්සන් සිය වෘත්තීය ජීවිතයට හොඳ ආරම්භයක් ලබාගත් අතර මේ වන විට ඔහු එංගලන්ත වේගපන්දු බලඇණියේ ප්‍රවීණ ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කරයි. මෙතෙක් පැවැති තරග හතකදී දකුණත් වේග පන්දු යවන්නා 2021 දී කඩුලු 35ක් රැස් කළේය. පකිස්තාන පන්දු යවන්නන් යුගලය වන හසන් අලි සහ ෂහීන් අෆ්රිඩි 2021 දී කඩුලු 40කට වඩා රැස් කළේය. ඔවුන් එකතු වී ටෙස්ට් ආකෘතියේ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් වගකීමෙන් ක්‍රිඩා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *