හර්බජන් සිං ක්‍රිකට් ක්‍රීඩාවේදී ඔහුට අමතක නොවන හොඳම අවස්ථා 3 නම්කරයි

Sports News

පසුගිය දෙසැම්බර් 24 වැනිදා සියලුම ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ප්‍රකාශ කළ හර්බජන් සිං, ක්‍රිකට් ක්‍රිඩාවේ ඔහුගේ හොඳම අමතක නොවන අවස්ථා නැතහොත් සිදුවීම් තුන ප්‍රකාශයට පත් කළේය. හර්බජ සිං නම් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයා 2011 වසරේ ලෝක කුසලාන ජයග්‍රාහී ව්‍යාපාරයේ ප්‍රධාන කොටස් කරුවෙක් විය. ඉන්දියාව කඩුලු 6කින් ශ්‍රී ලංකාව පරදවා වසර 28කට පසු එක්දින ගෝලීය ඉසව්ව ජය ගැනීමට සමත් විය.

2007 පැවති ජාත්‍යන්තර විස්සයි විස්ස ලෝක කුසලාන ජයග්‍රහණය මෙම දඟ පන්දු යවන්නාගේ තවත් අමතක නොවන අවස්ථාවක් විය. එම්.එස්. දෝනිගේ නායකත්වයෙන් යුත් ඉන්දියාව තරඟාවලියේ අවසන් මහා තරඟයේදී පරම ප්‍රතිවාදී පාකිස්තානය ලකුණු 5 කින් පරාජය කළේය. එම ලෝක කුසලාන සංස්කරණයේදී හර්බජන් සිං තරඟ 7 ක් ක්‍රීඩා කළ අතර සමාරම්භක සංස්කරණයේ දී පිතිකරුවන් ගණනාවක් දවා ගැනිමට ඔහු සමත්විය.

හර්බජාන් සිං 2001 දී ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් ලබා ගත්තේය. තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේදී ඔහු දෙවැනි ඉනිමේදී කඩුලු ත්‍රිත්වයක් ද ඇතුළුව කඩුලු 13ක් දවා ගත්තේය. 1877 දී ටෙස්ට් ක්‍රිකට් ආරම්භ වීමෙන් පසු මෙය සිදු වූ තුන්වන අවස්ථාව එය ලෙස එකළ හැදින්විය. හර්බජාන් සිං ගේ අමතක නොවන අවස්ථා 3 පිළිවෙලට ගතහොත් 2011 ජාත්‍යන්තර එක්දින ලෝක කුසලාන ජයග්‍රහණය, 2007 පැවති ප්‍රථම විස්සයි විස්ස ලෝක කුසලාන ජයග්‍රහණය සහ 2001 දී ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබාගත් කඩුලු ත්‍රිත්වයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *