ප්‍රවීණ විස්තර විචාරක හර්ෂ බෝග්ලේ ගේ 2021 ටෙස්ට් කණ්ඩායම නම් කරයි

Sports News

ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරක හර්ෂ බෝග්ලේ 2021 වසර සඳහා සිය ටෙස්ට් කණ්ඩායම තෝරාගෙන ඇති අතර, මේ වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩාවේ බැබළුණු ක්‍රීඩකයින් එයට ඇතුළත් වේ.බෝග්ලේ ගේ කණ්ඩායමට ඉන්දියාවෙන් තරු 3 ක් ද,පකිස්ථානයෙන් දෙදෙනෙකු ද, එංගලන්තයෙන්, ඕස්ට්‍රේලියාවෙන් එක් අයෙකු බැගින් ද ලබාගෙන ඇත, අනෙකුත් රටවල් වලින් එනම් ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ නවසීලන්තය යන කණ්ඩායම් වලින්ද එක් අයෙකු බැගින් 2021 වසරේ ඔහුගේ ටෙස්ට් සංචිතයට ඇතුළත්ව ඇත.

ආරම්භක පිතිකරු යුගලය ලෙස භෝග්ලේ තෝරා ගත්තේ ඉන්දියාවේ රෝහිත් ෂර්මා සහ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න යන ක්‍රිඩක දෙපලයි. 2021 වසරේ වැඩිම ලකුණු ලාභීන් ලෙස රෝහිත් සහ කරුණාරත්න යන දෙදෙනාම දෙවැනි සහ තෙවැනි වැඩිම ලකුණු ලාභීන් වේ.

මැදපෙළ සම්බන්ධයෙන් ගත් කල, බෝග්ලේ තෝරා ගෙන ඇත්තේ ඕස්ට්‍රේලියානු පිතිකරු මාර්නස් ලැබුස්චේන්, එංගලන්ත නායක ජෝ රූට්, පකිස්ථාන ක්‍රීඩක ෆවාඩ් අලාම් සහ ඉන්දීය කඩුලු රකින පිතිකරු රිෂාබ් පාන්ට් යන ක්‍රිඩකයන්ය.

අංක හත සහ අට ස්ථාන සඳහා ජේසන් හෝල්ඩර් සහ රවිචන්ද්‍රන් අශ්වින් තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස තෝරා ගත් අතර හෝල්ඩර් තරග 8කදී කඩුලු 22ක් දවා ගනිමින් අර්ධ ශතක දෙකක් සමඟින් ලකුණු 362ක් ද රැස් කළේය. අශ්වින් මෙම වසරේ වැඩිම කඩුලු 52කට හිමිකම් කියමින් තරග 8කදී ශතකයක් සහ අර්ධ ශතකයක් ඇතුළුව ලකුණු 337ක් රැස් කළේය.

වේගපන්දු බලඇණිය සම්බන්ධයෙන් ගත් කල, භෝග්ලේ පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් ෂා අෆ්රිඩි, දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ඇන්රිච් නොර්ට්ජේ සහ නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක කයිල් ජෙමිසන් නම් කළේය.

ප්‍රවීණ විස්තර විචාරක හර්ෂ බෝග්ලේ ගේ 2021 ටෙස්ට් කණ්ඩායම පිළිවෙලට මෙසේ පෙළගැස්විය හැක රෝහිත් ශර්මා, දිමුත් කරුණාරත්න, මාර්නස් ලබුස්චේන්, ජෝ රූට්, ෆවාඩ් අලාම්, රිෂාබ් පාන්ට්, ජේසන් හෝල්ඩර්, රවිචන්ද්‍රන් අශ්වින්, ෂහීන් ෂා අෆ්රිඩි, ඇන්රිච් නොර්ට්ජේ, කයිල් ජෙමිසන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *