2021 වසරේ අපි නම්කරන හොඳම විස්සයි විස්ස කණ්ඩායම

Sports News

මෙම ලිපිය 2021 පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ක්‍රිඩකයින් දැක්වූ දක්ෂතා පදනම් කොට ගෙන නිර්මාණය කොට ඇත.

#1. ආරම්භක පිතිකරු යුගලය ලෙස ජොස් බට්ලර්(Wk) සහ බාබර් අසාම්(C) කටයුතු කරයි.

මෙම පිතිකරුවන් දෙදෙනාම තරගාවලියේ තම කණ්ඩායම සාර්ථකත්වය කරා මෙහෙයවීමට කටයුතු කළේය. ජොස් බට්ලර් සහ බාබර් අසාම් තරඟාවලියේ වඩාත්ම ස්ථාවර පිතිකරුවන් දෙදෙනෙක්. බට්ලර් තරඟාවලියේ වැඩිම ලකුණු ලබාගෙන ඇති අතර බාබර් අසාම් ලැයිස්තුවේ දෙවන ස්ථානයේ සිටී. තරගාවලියේ ශතකයක් රැස්කළ එකම පිතිකරුවා ජොස් බට්ලර් වන අතර බාබර් අසාම් අර්ධ ශතක 4ක් ලබා ඇත. එමෙන්ම අපගේ කණ්ඩායමේ නායකත්වය බාබර් අසාම් මෙහෙයවනු ඇත.

#2. මැදපෙළ පිතිකරුවන් වශයෙන් චරිත් අසලංක, භානුක රාජපක්ෂ සහ ඒඩන් මාක්‍රම් කටයුතු කරයි.

චරිත් අසලංක පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී විෂිශ්ඨ දක්ෂතා අතරට පැමිණිමට සමත්විය. ඔහු පිත්තෙන් විශිෂ්ට දස්කම් දැක්වූ වේය. එමෙන්ම භානුක රාජපක්ෂ සහ ඒඩන් මාක්‍රම් පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී සිය කණ්ඩායම වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දුන්නේය.

#3. තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස ෂකීබ් අල් හසන් සහ වනිඳු හසරංග කටයුතු කරයි.

වනිඳු හසරංග පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්විය. එමෙන්ම බංගලදේශ ෂකිබ් අහ් හසන් පැවති විස්සයි විස්ස ලෝක කුසලානය තරගාවලියේ දී ලසිත් මාලිංග ගේ ලෝක වාර්ථාව අභිබවමින් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්විය.

#4. පන්දුයවන්නන් සම්බන්ධයෙන් ගත් කල පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් ෂා අෆ්රිඩි, දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ඇන්රිච් නොර්ට්ජේ සහ නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුති කටයුතු කරයි, ඉතින් 2021 හෙළ ගොසිප් අපගේ හොඳම විස්සයි විස්ස කණ්ඩායම මෙසේ ඉදිරිපත් කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *