එක්දින තරඟවල අඛණ්ඩව වැඩිම ශතක ලබාගත් පිතිකරුවන් 5 දෙනා.

Sports News

කුමාර් සංගක්කාර එක්දින පිටියේ අඛණ්ඩව වැඩිම ශතක ලබාගත් ක්‍රීඩකයින් ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින අතර AB de Villiers එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම හයේ පහරවල් ලයිස්තුවේ පෙරමුණේ පසුවෙයි. එක්දින තරගයකදී ශතක ලබා ගැනීම අසීරු කාර්යයක් ලෙස සැලකේ, පිතිකරුවන්ට නිවැරදි තාක්‍ෂණය සහ ඉවසීම එයට අවශ්‍ය වේ.නමුත් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ මෙය නැවත නැවතත් පහසුවෙන් කළ ක්‍රිඩකයන් කිහිප දෙනෙක් සිටිති. එක්දින තරඟවල අඛණ්ඩව වැඩිම ශතක සංඛ්‍යාවක් රැස් කළ හොඳම පිතිකරුවන් 5 දෙනාගේ ලැයිස්තුව මෙසේ පෙළගැස්විය හැක.

#1. කුමාර සංගක්කාර ( 2015 වර්ෂයේ ලබාගත් එක්දින ශතක 4 )

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වාර්තා රැසකට හිමිකම් කියයි. ඔහු 2015 වර්ෂයේ ඔස්ට්‍රේලියාවේ පැවති ලෝක කුසලාන තරඟාවලියේදී එක්දින ජාත්‍යන්තර තරඟවලදී පිට පිටම ශතක 4ක් රැස්කළ පළමු පිතිකරුවා ලෙස ඉතිහාසගත විය. පළමු ශතකය බංග්ලාදේශයට එරෙහිව මෙල්බර්න්හිදී ලබාගත් අතර එහිදී ඔහු නොදැවී ලකුණු 105 ක් රැස් කළේය. ඉන්පසු එංගලන්තයට එරෙහිව වෙලින්ටන්හිදී පැවැති තරගයේදී සංගක්කාර ලබාගත් ලකුණු 117* සහ සත්කාරක ඕස්ට්‍රේලියාවට එරෙහිව සිඩ්නිහිදී ලබාගත් ලකුණු 104 සහ ඔහුගේ සිවුවැනි ශතකය ස්කොට්ලන්තයට එරෙහිව හෝබාර්ට්හිදී වාර්තා වූ අතර එහිදී ඔහු ලකුණු 124 ක් රැස් කළේය.

#2. සහීර් අබ්බාස් (1982-83 කාලය තුල ලබාගත් ශතක 3 )

තවද 80 දශකයේ දී පකිස්තානය ඔවුන්ගේ පරම ප්‍රතිවාදීන් එනම් ඉන්දීය කණ්ඩායමට වඩා ප්‍රමුඛ කණ්ඩායමක් ලෙස සැලකේ, නමුත් එම යුගයේ වඩාත්ම කැපී පෙනෙන නමක් වූයේ ඉහළ පෙළ පිතිකරු සහීර් අබ්බාස් ය. ඔහු 1982-83 කාලය තුල පිට පිට එක්දින ශතක තුනක් ලබාගත් පළමු පිතිකරුවා බවට එකළ පත් විය.අබ්බාස් ගේ පිට පිට ශතක තුනෙන් පළමුවැන්න (118) මුල්තාන්හිදී වාර්තා වූ අතර එහිදී ඔහු ඉන්දියාවට එරෙහිව ලබාගැනීමට සමත්විය. අනතුරුව අබ්බාස් සිය දෙවැනි ශතකය ලබාගත්තේය ( 105) ලාහෝර්හිදී, නමුත් පාකිස්තානය එම තරගය ඉන්දියාවට එරෙහිව පරාජයට පත් විය.ඉන්දියාවට එරෙහිව කරච්චිහිදී අබ්බාස්ගේ පිට පිට තෙවැනි ශතකය වාර්තා විය, එහිදී ඔහු ලබාගත් ලකුණු 113 පාකිස්තානයට කඩුලු 8කින් තරගය ජය ගැනීමට උපකාරී විය.

#3. ඒබී ඩිවිලියර්ස් ( 2010 වර්ෂයේ ලබාගත් ශතක 3 )

ඒබී ඩිවිලියර්ස් යනු දකුණු අප්‍රිකාව මෙතෙක් බිහිකළ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහුගේ ඇදහිය නොහැකි පිතිකරණ දස්කම් සමඟින්, ඩිවිලියර්ස් මහාද්වීප පුරා ලකුණු රැස් කළේය. 2010 ඉන්දියාවට සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවැති තරගමාලාවේ දී, ඩිවිලියර්ස් ඔහුගේ පිතිකරණ දස්කම් පෙන්වූයේ පිට පිට එක්දින ශතක තුනක් ලාබා ගනිමිනි. ඉන්දියාවට එරෙහිව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේදී ඩිවිලියර්ස් ග්වාලියර් සහ අහමදාබාද්හිදී පිට පිට ශතක දෙකක් (114* සහ 102*) එල්ල කළේය. ඉන්පසුව මාසයකට වැඩි කාලයකට පසුව, බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව නෝර්ත් සවුන්ඩ් හි පැවති පළමු එක්දින තරගයේදී ඩිවිලියර්ස් සිය තුන්වන ශතකය සම්පූර්ණ කිරීමට සමත්විය.

#4. විරාත් කෝලි ( 2018 වර්ෂයේ ලබාගත් ශතක 3 )

ඉන්දීය නායක විරාත් කෝලි 2018 දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ද්විපාර්ශ්වික තරඟාවලියේදී, කෝලි පිට පිට ශතක තුනක් ලබා ගනිමින් එම තරඟයේ ඉහළින්ම සිටියේය. ඉන්දීය නායකයාගේ පළමු තරගය ගුවහාටිහිදී වාර්තා වූ අතර එහිදී කෝලි ලකුණු 140ක් ලබා ගනිමින් ඉන්දීය පිලට කඩුලු 8ක ජයක් අත්කර දුන්නේය. කෝලිගේ දෙවැනි ශතකය වූයේ විශාකාපට්නම්හිදීය එහිදී ඔහු දැවැන්ත ලකුණු 157*ක් රැස්කළ අතර, තරගය සම තත්ත්වයකින් අවසන් විය. කෝලි පූනේහිදී පිට පිට තෙවැනි ශතකය (107) රැස් කිරිමට සමත්විය.

#5. රෝහිත් ෂර්මා ( 2019 වර්ෂයේ ලබාගත් ශතක 3 )

ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා 2019 ලෝක කුසලානයේ තරගාවලියේ දී රෝහිත් පිට පිට තරගවලදී ශතක තුනක් ලබාගත් අතර රෝහිත්ගේ පිට පිටම ලබාගත් ශතක තුනෙන් පළමු ශතකය වූයේ සත්කාරක එංගලන්තයට එරෙහිව බර්මින්හැම්හිදීය. එහිදී ඔහු ලකුණු 102ක් ලබාගත්තේය, නමුත් එම තරගය ඉන්දියාව ලකුණු 31කින් පරාජයට පත් විය. රෝහිත්ගේ පිට පිටම ශතක අතර දෙවැනි ශතකය වූයේ බංග්ලාදේශයට එරෙහිව වන අතර එහිදී ඔහු ලකුණු 104ක් රැස් කළේ ඉන්දියාවට තරගය ලකුණු 28කින් ජය ගැනීමට උපකාර කරමිනි. තෙවැනි තරගය ශ්‍රී ලංකාවට එරෙහිව ලීඩ්ස්හිදී පැවැති අතර එහිදී රෝහිත් ලකුණු 103ක් ලබාගනිමින් ඉන්දීය පිලට කඩුලු 7ක ජයක් අත්කර දුන්නේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *