ICC ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් වල දිමුත් කරුණාරත්න තවදුරටත් ඉදිරියට

Sports News

පළමු ටෙස්ට් තරඟයේ ජයග්‍රහණය පිටුපස සිටි දැවැන්ත චරිතය වූ නායක දිමුත් කරුණාරත්න දැක්වූ දක්ෂතා නිසා පළමු තරඟයෙන්ම ජාත්‍යන්තර ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ලබා ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදා විය. නායක දිමුත් කරුණාරත්න පළමු තරඟයේ දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු තරඟයේ වීරයා සම්මානය ද දිනා ගැනීමට සමත්විය. වමත් රතු පන්දු විශේෂඥයෙකු වන නායක දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරන ලැයිස්තුවේ නවතම වාර්තාවලට අනුව ඉදිරියට පැමිණ ඇත.

නායක දිමුත් කරුණාරත්න ICC ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් වල 7 ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ ප්‍රසාද ලකුණු 772 ක් ලබා ගනිමින්. ඒ අනුව දිමුත් කරුණාරත්න ශ්‍රේණිගත කිරීම් වල ස්ථාන 4 ක් ඉදිරියට පැමිණ ඇත.

ඉන්දීය නායක විරාත් කෝලි නවතම ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල පසුවන්නේ 6 වන ස්ථානයේය.කෝලි දිමුත් වඩා ප්‍රසාද ලකුණු 3 ක් පමණක් ඉදිරියෙන් සිටිම ද විශේෂත්වයක්. ප්‍රසාද ලකුණු 903 ක් ලබා මෙම ශ්‍රේණිගත කිරීම් වල අංක 1 රැදි සිටින්නේ එංගලන්ත නායක ජෝ රූට් විසිනි. ලෝක ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් වල රැදි සිටින මුල් 8 දෙනාගෙන් 5 දෙනෙකුම ටෙස්ට් නායකයින් වීම කැපිපෙනෙන ලක්ෂනයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *