එක්දින ක්‍රිකට් පිටියේ කඩුලු 300 සහ ලකුණු 10,000 සීමාව ඉක්මවූ ලොව එකම ක්‍රිකට් ක්‍රීඩකයා

Sports News

දේශබන්දු සනත් ටෙරාන් ජයසූරිය මහතා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු නායකයෙකි. ඔහුගේ යුගයේ එනම් අනූව දශකයේ විශිෂ්ඨතම ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස සැලකෙන ජයසූරිය එක්දින ක්‍රිකට් වල ජයග්‍රාහී තුන් ඉරියව් ක්‍රිඩකයෙක් ලෙස සැලකෙන අතර 1990 දශකයේ මැද භාගයේ රොමේෂ් කළුවිතාරණ සමඟින් ඔහු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තුල විප්ලවීය වෙනසක් සිදු කළ නිසා සනත් ජයසූරිය ගෞරවයට පාත්‍ර වූ අතර ලෝකයේ සියලුම ක්‍රිඩා ලෝලීන් ඔහුට ආදරය කිරිමට පටන් ගත්තේය.

ජයසූරිය තුන් ඉරියව් ක්‍රීඩකයෙකි, ඔහුට දශක දෙකක් පුරා විහිදී ගිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියක් ඇත. එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු 10,000 ඉක්මවූ සහ කඩුලු 300කට වඩා දවාගත් එකම ක්‍රීඩකයා ඔහුයි. සීමිත ඕවර ක්‍රිකට් ඉතිහාසයේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන සනත් ජයසූරිය ඔහුගේ ක්‍රිකට් දිවිය තුළ වාර්තා රැසක් නිර්මාණය කළේය.

ඔහු 1996 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළ කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙකු වූ අතර 2007 ක්‍රිකට් ලෝක කුසලානයේ සහ 2009 ICC ලෝක විස්සයි විස්ස අවසන් මහා තරගයට පිවිසි කණ්ඩායමේ සාමාජිකයෙකි. ඔහු 2007 දෙසැම්බර් මාසයේදී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සහ 2011 ජුනි මාසයේදී සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා ලදී. ශ්‍රී ලංකාව ප්‍රථම වරට ICC ලෝක විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගත්තේ 2014 දී, ඔහු ප්‍රධාන තේරීම් කමිටු නිලධාරියා ලෙස කටයුතු කරන සමයේදී වීම විශේෂත්වයක් මෙම අසහාය ක්‍රිකට් ක්‍රිඩකයාට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වශයෙන් සදා ණයගැතිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *