වනිඳු හසරංග වසරේ T20 ක්‍රීඩකයාට නිර්දේශ වෙයි

Sports News

දක්ෂ කඩුලු රකින පිතිකරුවන් දෙදෙනෙක් සහ තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙක් 2021 ICC වසරේ පිරිමි විස්සයි විස්ස ක්‍රීඩකයා සම්මාන සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිර්දේශ කර ඇත. එයට ශ්‍රී ලංකාවේ පා දඟ පන්දු යවන ක්‍රිඩක වනිදු හසරංග ද ඇතුලත්ව ඇත ඔහු ජගත් පන්දුවාර විස්සයි විස්ස ශේණිගත කිරිම්වල පළමු ස්ථානයේ පසුවෙයි. ඔහු පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්විය. 2021 වසර තුල ඔහු දැක්වූ දක්ෂතා මෙසේ පෙළගැස්විය හැක.

පන්දු යැවීමෙන් මෙන්ම පිත්තෙන් ද දායක විය හැකි ක්‍රීඩකයෙකු වෙමින් කෙටිම ආකෘතියෙන් දක්ෂතම දඟපන්දු යවන්නෙකු ලෙසින් වනිදු හසරංග තමන්ව තහවුරු කරගත් අතර මෙම වසර ඔහුට පෙරළිකාර වසරක් විය. වසර පුරා අඛණ්ඩ දස්කම් දැක්වූ හසරංග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ පැවති T20 ලෝක කුසලාන තරඟාවලියේදී වඩාත් කැපී පෙනෙන ක්‍රිඩකයෙක් විය.

වසරේ 20-20 ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශිත ක්‍රිඩකයින් සිව්දෙනා මෙසේ පෙළගැස්විය හැක.

ඔහු තරඟාවලිය අවසන් කළේ කඩුළු 16ක් සමඟින් ප්‍රමුඛතම කඩුලු දවාගත් ක්‍රීඩකයා ලෙසින් වන අතර අයර්ලන්තයට එරෙහිව ඔහු ලබාගත් ලකුණු 71 ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

තවමත් 24 වැනි වියේ පසුවන හසරංග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මූල් ගල බවට පත්ව ඇත. දකුණු අප්‍රිකාවට එරෙහිව සාජා හි පැවති තරගයේදී වනිඳු හසරංග අමතක නොවන කඩුලු ත්‍රිත්වයක් ලබා ගනිමින් ඔහු ඩ්වේන් ප්‍රිටෝරියස්, ඒඩන් මාක්‍රම් සහ ටෙම්බා බවුමා දවා ගනිමින් සිය කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *