ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින තරගාවලිය ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට නියමිතයි

Sports News

සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර අයි.සී.සී සුපර් ලීගයේ කොටසක් ලෙස පැවැත්වීමට නියමිත තරඟ තුනකින් යුත් එක්දින තරගාවලිය 2022 වසරේ ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකාව තරඟාවලියේ සත්කාරකත්වය දරයි. මෙම තරග තුන ජනවාරි 16, 18 සහ 21 යන දිනවල දිවා-රාත්‍රී තරග ලෙස පැවැත්වෙන අතර මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සියලුම තරඟ පැවැත්වීමට නියමිතයි.

සිම්බාබ්වේ පිළ මේ වන විට ඔවුන් සහභාගී වූ තරග 9 කදී ජයග්‍රහණ දෙකක් සමඟ සුපර් ලීග් සටහනේ පහළම ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව කණ්ඩායම තරග 15 කදී ජයග්‍රහණ 4 ක් සමඟ හයවැනි ස්ථානයේ පසුවෙයි. සුපර් ලීගය 2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ මාර්ගයක් වන අතර, හොඳම කණ්ඩායම් අට සෘජුවම සුදුසුකම් ලබන අතර, ඉතිරි කණ්ඩායම් පහ සුදුසුකම් ලැබීමේ තරඟාවලියකට මුහුණ දීමට සිදුවේ.

එම සුදුසුකම් ලැබිමේ වටයේ තරගාවලියෙන් කණ්ඩායම් දෙකක් ලෝක කුසලානයට සුදුසුකම් ලබයි. 2023 ලෝක කුසලානයේ සත්කාරකත්වය හේතුවෙන්, ඉන්දියානු කණ්ඩායම ස්වයංක්‍රීයවම සුදුසුකම් ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *