ප්‍රහාරාත්මක පිතිකරුවා කොදෙව් ක්‍රිකට් සංචිතයෙන් ඉවතට

Sports News

ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් අයර්ලන්තයට එරෙහි පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කළ බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට ඇතුළත්ව නොමැත. 42 හැවිරිදි ගේල්ට කිංග්ස්ටන්හි සබීනා උද්‍යානයේ ඔහුගේ ගෘහස්ථ ප්‍රේක්ෂකයින් ඉදිරියේ ජාත්‍යන්තර සමුගැනීමක් ලැබෙනු ඇතැයි බොහෝ ක්‍රිඩා ලෝලීන්, ක්‍රිකට් විස්තර විචාරකයින් අපේක්ෂා කර තිබුණි. නමුත් කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ක්‍රීඩා ඉසව්වලට රසිකයින්ට ඉඩ ලබා නොදෙන බව ජැමෙයිකානු රජය නිවේදනය කර ඇත.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අයර්ලන්තය සමගින් එක්දින තරග 3කට සහ විස්සයි 20 තරගයකට ක්‍රීඩා කිරීමට නියමිත අතර එක්දින තරගාවලිය ආරම්භ වන්නේ ජනවාරි මස 8 වැනිදාය. අනතුරුව බාර්බඩෝස් හිදී එංගලන්තය සමගින් විස්සයි 20 තරග 5ක් ද ක්‍රීඩා කිරීමට නියමිතය.

මේ අතර, ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල් මෙම කිසිදු සංචිතයක් සඳහා නම් කර නොතිබෙන අතර ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීම සඳහා සමුගැනීමේ තරගයක් ඉදිරියේදී ලබාදීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය කටයුතු කිරීමට නියමිත බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *